අපේ සටනට එක්වන්න කියා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් තමා ඉල්ලා සිටින බවත් සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසදා ගත හැකි බවත් සෞඛ්‍ය, පෝෂණ හා ...
අපේ සටනට එක්වන්න කියා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් තමා ඉල්ලා සිටින බවත් සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසදා ගත හැකි බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
තමා සාකච්ඡාවලට අභයාරාමයට වුනත් එන්න සුදානම් බව ද ඇමතිවරයා අවධාරණය කළේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වාර්ෂික සැසිවාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී ඊයේ (16) පැවැත්විනි.
මෙම උත්සවයේ මුලසුන හෙබ වුයේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසිනි.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“ආනන්ද හාමුදුරුවෝ ජාතික නායකයෙක් වුනේ සටන් තුළින්. ප‍්‍රාර්ථනා ඉෂ්ඨ කර ගැනීමට රැස්වීම් තිබිය යුත්තේ අපිත් සමගයි. වෙන අය සමග රැස්වීම් පැවැත්වීමෙන් ප‍්‍රාර්ථනා ඉටු වන්නේ නැහැ. වෙන අය පෝෂණය කිරීමට කටයුතු කරන්න එපා. ඔබ වහන්සේට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. එය ඔපදැමිය යුතුයි. මුරුත්තෙට්ටුවේ ආනන්ද නාමයට මම ආදරෙයි. මොකද සටන්කාමී භික්ෂු චරිතයක් නිසා. එම කාර්යභාරය ඉටු කරන්න හෙද සංගමයේ කීර්ති නාමය ආරක්ෂා කර ගන්න. අපේ සටනට එක්වන්න කියා මම ඉල්ලා සිටිනවා. සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසදා ගමු. මම සාකච්ඡාවලට අභයාරාමයට වුනත් එන්න සුදානම්. මිත‍්‍රකම් තියාගන්න. හිටපු ජනාධිපතිවරයා මගෙත් මිත‍්‍රයෙක්. මට දුරකථන ඇමතුම් ලබාදීලා එක එක වැඩ පවරනවා. ඒවත් මම කරලා දෙනවා. එම නිසා අපේ සටන සමග එක්වන්න කියා මම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS