කෝප් කමිටු නිර්දේශ අනුව මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීමට ඉඩහැර අග්‍රාමාත්‍ය රනිල් වික...
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා,"පසුගිය සිකුරාදා වන විට අපට හැකි වුණා මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදු කළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට. පසුගිය මාස 20 පුරාම ආණ්ඩුව උත්සාහ කළේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක වළක්වන්න. මේ වාර්තාව 2015 ජුනි මාසය වන විට සකස්කර අවසන්ව තිබුණා. එදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම වැළැක්වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. ඊට පසුව පත්වුණු නව පාර්ලිමේන්තුව යටතේ පිහිටු වූ කෝප් කමිටුව විසින් මේ වාර්තාව යළි ඉදිරිපත් කිරිමට උත්සාහ ගැනීමේදීත් ආණ්ඩුව විශේෂයෙන් කෝප් කමිටුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊට බාධා කළා. එම වාර්තාව එළි දැක්වීම අනන්තය දක්වා කල් දමන්න කළ හැකි සියල්ල කළා.
කෙසේ නමුත් අද මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. නීතිපතිවරයාට මේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කරන බව ආණ්ඩුව පවසා තිබෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු සහ සාක්ෂි සටහන් මෙම වාර්තාවේ අන්තර්ගතයි. ඒ නිසා නීතිපතිවරයා වෙත යවලා මහා දීර්ඝ කාලයක් ගත යුතු නැහැ. කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව පමණක් නොවෙයි, පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයත් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතුයි. කෝප් කමිටුව සිය නිර්දේශවල 'මෙම ගනුදෙනුවේදී සාපරාධී අපරාධයක් සිදුව ඇත' යන නිර්දේශයත් ඉදිරිපත්කර තිබෙනවා. ඒ නිසා මේකට වගකිව යුතු අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට හැකියාව තිබෙනවා. අද නීතිය ක්‍රියාත්මක කරන සියලු පාර්ශ්වවලට හැකියාව තිබෙනවා, කඩිනමින් මේ කෝප් කමිටු නිර්දේශ ක්‍රියාවට නංවා මේ හොරකමට වරදකරුවන් කවුද? කියා ජනතාවට පෙන්වා දෙන්න.
අගමැතිවරයා, මහ බැංකු අධිපතිවරයා හා පර්පචුවල් ට්‍රෙෂරීස් යන අය අතර තිබුණු බැඳීම්, ලැදියාවන් හා සම්බන්ධතා මොනවාද? කියා නීතිය ඉදිරියේ නිසි ආකාරයෙන් ප්‍රශ්න කළ හැකියි. ඒවා ප්‍රශ්න කළ යුතුයි. 'සිංගප්පූරු අර්ජුන්' කියන්නේ සිංගප්පූරු ජාතිකයෙක්. අගමැතිවරයා ඔහුව මහ බැංකු අධිපති ධුරයට පත් කළේ මේ රටේ නීති සීමාවන් ඉක්මවලා කියලා කෝප් කමිටුව ඉරිදියේ ඔප්පු වුණා. අර්ජුන මහේන්ද්‍රන් තම ධුරයට අදාළ දිවුරුම ලබා දුන්නේ නැහැ. තම ධුරයට අදාළ දිවුරුම ලබා නොදීපු කෙනෙකුට එම ධුරය දරන්න අවශ්‍ය නිතීමය ප්‍රතිපාදන මහ බැංකුව භාරව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදා දීලා තිබුණා. මෙවැනි ප්‍රතිපාදන හදලා දුන්නේ මේ ආණ්ඩුවට මේ රටේ මහ බැංකු අධිපති ධුරයට පත් කිරිමට වෙන කිසිවකුවත් සිටියේ නැති නිසාද? ඒ එක පැත්තක්.
COMMENTS