ආගමික මධ්‍යස්ථානයකට පහරදීමේ සිද්ධියකට අදාළව එල්ල වී තිබු චෝදනාවලින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරි...
ආගමික මධ්‍යස්ථානයකට පහරදීමේ සිද්ධියකට අදාළව එල්ල වී තිබු චෝදනාවලින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
අදාළ නඩුව අද (29) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය සඳහන්කර සිටියේ එම නඩුව ජනවාරි මස 20 වැනිදා විභාගයට ගන්නා බවයි.
මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයේ පෙනී නොසිටි අතර ඒ හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා දෙන ලෙසද රජයේ පාර්ශවයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය ඒ පිළිබඳව තීන්දුවක් ජනවාරි මස 20 වැනිදා ලබා දෙන බව ප්‍රකාශ කළ කර ඇත.
දේවස්ථානයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනෙකු චෝදනා ලැබ තිබුණි.
මෙම සිද්ධිය පිළිබඳ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වූ අතර එහිදී චෝදනා එල්ල වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණි.
පසුව එම නියෝගය නීති විරෝධී බව පෙන්වා දෙමින් නීතිපතිවරයා විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ අතර අදාළ නඩුව නැවත විභාග කොට නියෝගයක් ලබා දෙන ලෙසද අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයා ඉල්ලීමක් කර තිබේ.
COMMENTS