විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ ගෞරවාන්විත බව ඇති කිරීමේ අරමුණින් පහුගිය වසරදෙක ඇතුලත වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් තියෙන විදේශ රැකියා නියෝජිත ආයතනය...
විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ ගෞරවාන්විත බව ඇති කිරීමේ අරමුණින් පහුගිය වසරදෙක ඇතුලත වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් තියෙන විදේශ රැකියා නියෝජිත ආයතනයන් මෙන් ම ක්‍රියාත්මක නොවන ආයතනයන්හි බලපත‍්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගිය දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
හතු පිපෙන්නාක් මෙන් විදේශ රැකියා නියෝජිත ආයතන බිහිවීමට ඉඩ නොදිය යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරිය හොඳ නියෝජිතායතන 500ක් 600ක් ප්‍රමාණවත් බවත් පෙන්වා දෙයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වූ රැකියා නියෝජිත ආයතන 3000ක් පමණ ඇති බවත් මේ දේවල් ගෞරවාන්විතව කරන අය සිටින බවත් ඒ මිනිස්සුන්ටත් මෙය ප්‍රශ්නයක් බවත් අමාත්‍යවරාය පෙන්වා දුන්නාය.
"කොමිස් මුදල් ගන්න එකත් තහනම් කරලා තියෙනවා. කවුරු හරි කොමිස් මුදල් අරන් තිබුණොත් බලාගන්න පුළුවන් පැමිණිලි විභාග කරන්න ආවම. අපි උප ඒජන්තවරු තහනම් කළා. ගම්වල තවමත් කට්ටියව හොයාගෙන යනවා. හැබැයි අපිට අහුවුණොත් අත්අඩංගුවට ගන්නවා. ඉදිරියේ දී උප ඒජන්තවරු යොදවන ඒජන්සි ආයතනත් අපි තහනම් කරනවා"යැයි ද පැවසුවාය.
2018 වසර වන විට විදේශ රැකියා සඳහා ඉංගි‍්‍රසි අනිවාර්ය විය හැකි බවත් එසේ ඉංග්‍රීසි භාෂාව අනිවාර්යය කරන්නේ ලංකාවේ ගෘහ සේවිකාවන්ට, පුහුණු ශ‍්‍රමිකයින්ට වටිනාකමක් ලබාදීමේ අරමුණින් යැයි ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
COMMENTS