ලෝ ක වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇති අතර කෙසේ වෙතත් ඊට සාපේක්ෂව දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල අඩු කිරීමට රජය තවමත් පියවර ගෙන නොමැ...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇති අතර කෙසේ වෙතත් ඊට සාපේක්ෂව දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල අඩු කිරීමට රජය තවමත් පියවර ගෙන නොමැත. ඊට හේතුව ලෙස රජය අවධාරණය කළේ පසුගිය කාලයේදී බරපතල පාඩුවක් සහිතව ඉන්ධන අලෙවි කළ හෙයින් එම පාඩුව පියවා මිස ඉන්ධන මිල අඩු නොකරන බවයි.
මේ අතර විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ බොරතෙල් මිල අඩුවීමෙන් ආණ්ඩුව ලබන ලාබය කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහ නිරෝධායන කටයුතු සඳහා වෙන් කරන බවයි. එ් අනුව ඉදිරියටත් ඉන්ධන මිල අඩු කිරීමක් සිදු නොවනු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
ඊට අදාල කැබිනට් පත්‍රිකාව මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කරන බව ද මහින්ද අමරවීර මහතා පවසනවා. රජය මෙම ප්‍රතිකාර කටයුතු සඳහා විශාල මුදලක් වැය කරන බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.
මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 30 ක් දක්වා අඩු වී ඇති අතර අවසන් වරට ඉන්ධන මිල අඩු කරන විට බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 62 ක් වැඩි අගයකටයි.

COMMENTS