දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු ආණ්ඩුකාරවරයා විග්නේෂ්වරන්ට දෙහි කපයි
Homeප්‍රවෘත්ති

උතුරු ආණ්ඩුකාරවරයා විග්නේෂ්වරන්ට දෙහි කපයි

PropellerAds

උතුරු පළාත තුළ නිසි පාලනයක් නොමැති බවටත් ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යය බවටත් උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශය ප...

ඉන්දියාවේ සිට ගුවනින් එන නාවිකයන්ට මෙරටට ඇතුළු වීම තහනම් කරයි
සමරු ඵලකවලිනුත් මෛත්‍රීගේ මුහුණ ගලවයි !
හිටපු කතානායක යලි ක‍්‍රියාත්මකයි.. හූල් නිසා ව්‍යවස්ථා සභාව ඇවිලෙයි !
උතුරු ආණ්ඩුකාරවරයා විග්නේෂ්වරන්ට දෙහි කපයි

උතුරු පළාත තුළ නිසි පාලනයක් නොමැති බවටත් ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යය බවටත් උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත හා දේශපාලනික අවශ්‍යතාවක් මත කළ ප්‍රකාශයක් මිස ජනතාවගේ අවශ්‍යතාවක් මත කළ ප්‍රකාශයක් නොවන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා එක්සත් ජාතීන් හා පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජ්‍ය ඇමතිනී ඒන්ලි බැරන්වරිය උතුරු මහ ඇමතිවරයා හමුවූ අවස්ථාවේදී උතුරු මහ ඇමතිවරයා විසින් උතුරේ නිසි පාලනයක් නොමැති බවටත් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යය බවටත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එ් සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ උතුරු ආණ්ඩුකාරවරයා කියාසිටියේ, "උතුරේ ඉතා සීමිත දේශපාලඥයින් පිරිසක් විසින් බහුතර මතය කියල හිතන් ඔවුන්ගේ දේශපාලනික මතයන් ඉදිරිපත් කරනවා. දැන් උතුරේ අලුත්ම රෝගයක් ඇති වෙලා තියෙනවා. මොන දේ වුනත් ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලා සිටීම. ඒකට උදාහරණයක් විදිහට උතුරු මහඇමති කිව්වා පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ට විෂ එන්නත් වී ඇති හෙයින් මෙරට වෛද්‍යවරුන් නොව විදේශ වෛද්‍යවරුන් අවශ්‍ය බවට. ඒ වගේම යුද අපරාධ සම්බන්ධයෙන් විදේශ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය. මේවා කිසිම පදනමක් රහිත ප්‍රකාශයන්. ඒ වගේම එතුමන් සමහර අවස්ථාවලදී කටයුතු කරන්නේ ඔහුගේ අවශ්‍යතා ඉටු කර ගන්නද කියල මට සැකයි. ඒ වගේම එතුමා ඔය කියලා තියෙන අලුත් ප්‍රකාශයේ පිටපත මට තාම හමු වී නැහැ. එහෙම ප්‍රකාශයක් කියල තියෙනව නම් ඒක ඉතා බලගතු ප්‍රකාශයක්.

පසුගියදා මියගිය සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් යම් වරදක් ඇති බවට රජයත් පිළිගන්නවා. ඒ වගේ වැරදී රාජ්‍ය නිලධාරීන් අතරේ හා පොලිස් නිලධාරීන් අතරේ සිදුවුනු පළවෙනි අවස්ථාවත් අවසාන අවස්ථාවත් මේක නොවෙයි. ඉතින් රජයේ නියම පරිපාලනයක් තියෙන නිසා තමයි අදාළ වරදකරුවන් අත්අඩංගුවට ගෙන දඩුවම් දීල තියෙන්නෙ. නමුත් මේ හැම සිදුවීමක්ම මේ අය උත්සහ දරනවා ජාත්‍යන්තරයට රැගෙන යන්න. ඒකෙන් මතුවෙන්නේ මේවා දේශපාලනික උවමනාවක් විතරක් බවටයි.

ඒ නිසා රජය මේ වන විට උතුරේ පරිපාලන කටයුතු විධිමත්ව කරගෙන යනවා. සංවර්ධනය වගේම ආරක්ෂාව හා අනෙකුත් සියලු දෑ පිළිබඳව. ඉතින් උතුරේ සිටින අතිමහත් බහුතර ජනතාවට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ ඔය දේශපාලනික සටන් පාඨ එක්ක යන්න. ඒ කියන්නේ රට වෙන් කරන්න හරි, වෙනම රජ්‍යකටවත්, ෆෙඩරල් පාලනයකටවත් ඔවුන්ගේ එවැනි හැගීම් ඇත්තෙ නැහැ.

ඒ නිසා උතුරු මහ ඇමති දේශපාලන උවමනාවක් වෙනුවෙන් පෙනී සිටිනවා කියලයි මට හිතෙන්නේ. මධ්‍යස්ථව නොව ඔහු දේශපාලන උවමනාවක් වෙනුවෙන් කරුණු විකෘත්ති කර දැක්වීමක් තමයි මේ කරන්නේ කියල තමයි මම හිතෙන්නේ" ලෙසයි.

වන්නි - රොමේෂ් මධූෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු ආණ්ඩුකාරවරයා විග්නේෂ්වරන්ට දෙහි කපයි
උතුරු ආණ්ඩුකාරවරයා විග්නේෂ්වරන්ට දෙහි කපයි
http://sinhala.asianmirror.lk/media/k2/items/cache/caaef367f0d2d23f5f25c58a3094ebcb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_230.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_230.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy