ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය මූල්‍ය පාලනය 'ජාතික ගෙවීම් වේදිකාව' නමින් පෞද්ගලීකරණය කොට වෙනත් පුද්ගලික සමාගම් 03කට පැවර...
ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය මූල්‍ය පාලනය 'ජාතික ගෙවීම් වේදිකාව' නමින් පෞද්ගලීකරණය කොට වෙනත් පුද්ගලික සමාගම් 03කට පැවරීම නොකළ යුතු දෙයක් බවට මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායන මහතා වෙක ලිපි යවා ඇති නමුත් මුදල් අමාත්‍යවරයා එම යෝජනා ක්‍රියාක්මක කරන බවට රාජ්‍ය ආයතනවලට ලියුම් යොමුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (15) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදීය.
මහ බැංකු බැඳුම්කර වංචාව හෙළිදරව් කර ගැනීමට හැකිවූයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවත්නා බැවින් එය පෞද්ගලික අංශයට පැවරීමට උත්සාහ කරනු ලබන්නේ තවදුරටත් මහජන මුදල් වංචා කිරීමටත්, ඒවා හෙළිදරව්වීමේ අවස්ථාව මඟහැරීමටත් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
COMMENTS