දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලීසියට එල්ල වන චෝදනාවලින් සියයට 90ක් පාලනය වුණා - ඇමති විජයදාස
Homeප්‍රවෘත්ති

පොලීසියට එල්ල වන චෝදනාවලින් සියයට 90ක් පාලනය වුණා - ඇමති විජයදාස

PropellerAds

නීතියේ ආධිපත්‍ය සුරැකීමට නව රජය පසුගිය මාස 18 ක පමණ කාලය තුල ගෙන එනු ලැබූ නීති අණපනත් තුළින් පොලිසියට එල්ල වන චෝදනා වලින් 90%ක් පමණ පාලනය ...

හම්බන්තොට තරුණයාගේ අයියාත් අක්කාත් අත්අඩංගුවට
ජනපති අද ජගත් මහ සමුළුව අමතයි
පොලිස් ලොක්කන්ට අගමැතිගෙන් හදිසි කැඳවීමක්
පොලීසියට එල්ල වන චෝදනාවලින් සියයට 90ක් පාලනය වුණා - ඇමති විජයදාස

නීතියේ ආධිපත්‍ය සුරැකීමට නව රජය පසුගිය මාස 18 ක පමණ කාලය තුල ගෙන එනු ලැබූ නීති අණපනත් තුළින් පොලිසියට එල්ල වන චෝදනා වලින් 90%ක් පමණ පාලනය කර ගැනීමට හැකි වු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) පෙරවරුවේ වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පොලිස් සහයන් හා ආරක්ෂක කොට්ඨාස පිහිටුවීමේ සමාරම්භක උත්සවයේදී ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා කියාසිටයේ පසුගිය මාස 18ක පමණ කාලය තුළ නව රජය බලයට පත් වී මෙරට නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කර මහජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සදහා ගනු ලැබූ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුලු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට සිදු කළ ජනතාවාදී අණ පනත් වලින් මෙරට යුක්තිය සාධාරණත්වය පිළිබද මහජන විශ්වාසය වඩාත් තහවුරු වූ බවයි.

සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත 2003 වසරේදි පාර්ලිමේන්තුවට ගෙන ඒමට එදා ගත් උත්සහය දේශපාලන විප්ලවයක් දක්වා පරිවර්ථනය වූ නමුත් පසුගිය මැතිවරණයේ දි නව රජය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉෂ්ට කරමින් දින 100 රජය යටතේ ගෙන එනු ලැබූ ජනතාවාදී නීති අණපනත් තුළින් මෙරට යුක්තිය සාධාරණත්වය හා නීතියේ ආධිපත්‍ය ශක්තිමත් වී ජනතා අපේක්ෂා ඉටු වී ඇති බැවින් ඊට පෙර යුග වලදී නීතිය ඉටු කිරීමේදි පොලිසියට එල්ල වූ විවිධ චෝදනා වලින් 90%ක් දක්වා පොලිසිය නිවරැදි වීමට මෙම අණපනත් බෙහෙවින් බලපා තිබෙන බව පැවසූ අමාත්‍යවරයා එයින් පොලීසියට එල්ල වන සෑම චෝදනාවක් පිළිබදවම සාධරණියකරණය කිරීමට තමන් ඉදිරිපත් නොවන නමුත් මෙම නව අණ පනත් තුළින් පොලීසියේ කාර්යභාර්යය ජනතාවාදීව ඉටු කිරීමට විශාල ශක්තියක් වී ඇති බව පැවසීය.

එහෙත් පසුගිය කාල පරිච්ඡේදයේ අපරාධ වර්ධනය වීමෙහිලා බලපෑමක් වූ සාක්ෂිකරුවන් හා වින්දිතයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ගෙන ඒමට තිබූ මෙම පනත් දශක 02කට අධික කාලයක් නීති සම්පාදනයේහිලා සිදු වූ ප්‍රමාදය මෙරට නීති පද්ධතිය තුළ  බරපතල අර්බුධයක් වී තිබූ බව ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"රජය ජනතාවාදීව මහජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සංශෝධනයන් ගෙන ඒමේදී ඒ පිළිබදව රාජ්‍ය නොවන සංවිධාන පුරවැසි කණ්ඩායම් හා ඇතැම් ජනමාධ්‍යයන් එහි අර්ථය හා ඵලදායිතාවය විකෘති කරමින් වැරදි අර්ථකතන සපයමින් තොරතුරු ඉදිරිපත් කිරීමේදී සිදුවන හානිය රටක් වශයෙන්, දේශිය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද යම් අර්බුධකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වුණා.

වර්තමාන රජය යහපාලන රාජ්‍ය ප්‍රතිපත්ති යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමට, යුක්තිය පසිදලීමේ කාර්යභාර්යය ජනතාවට විශ්වාසයෙන් ඉටු කිරීමට සවිමත් යාන්ත්‍රණයක් උත්තරීතර පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරමින් සියලුම  මහජන නියෝජිතයින්ගේ එකගත්වය මත යම් සුභවාදි තැනකට රට ගෙන යෑමට උත්සහ කළත්, ඇතැම් පුද්ගල කණ්ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පුරවැසි සංවිධානවල දේශපාලන ආකල්ප හා වෙනත් හේතූන් මත ඒවා වැරදි ලෙස අර්ථකතනය කිරීමට, අර්ථ විවරණය කිරීමට යෑම නිසා රටටත් ජනතාවටත් සිදුවන හානිය දියුණු සමාජයක් දක්වා අප පරිවර්තනය කිරීමේදි දැඩි අවධාණය යොමුකළ යුතු වෙනවා.

පසුගිය කාල පරිච්ඡේදයේදි රජය යම් අපරාධයක් සම්බන්ධව පොලීසිය විසින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යෑමේදි නීතිඥ සහය ලබා ගැනීම සම්බන්ධව රජය ඉදිරිපත් කළ නීති සංශෝධනයන් පිළිබදව ගැඹුරින් අධ්‍යයනය නොකර විවිධ පාර්ශවයන් විවිධ අර්ථකතන සපයමින් සිදු කළ පෙළඹීමෙන් ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබදව ශ්‍රී ලංකාවට යම් ප්‍රශ්නකාරී තත්වයක් මතුවන ආකාරයෙන් අදහස් ව්‍යප්ත වී තිබුණා. නමුත් රජය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ගෙන එනු ලැබූ නීති සංශෝධනය ඉතා සද්භාවයෙන් ගෙන එන නමුත් එයට වැරදි අර්ථකතන සැපයීම නිසා අපරාධ මර්ධනය කිරීම සම්බන්ධයෙන් ගෙන එනු ලැබූ සුභවාදි කරුණක් යටපත් වුණා.

එහෙත් නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ මහජන ආයතනයක් වශයෙන් පොලීසියේ වගකීම සාර්ථකව ඉටු කිරීමට හැකි නීතිමය වගකීම  පිළිබද වඩාත් සැලකිල්ලට යොමු කරමින් අපරාධ පාලනය කිරීමෙහිලා නීතිය බලවත් කළ යුතු බව අප පිළිගත් යුතුයි. සාමජයක් නීතියේ ආධිපත්‍ය මත හැඩගැස්වීම මහජන සුභසිද්ධිය වෙනුවෙන් සුරක්ෂිත සමාජයකට ආරක්ෂාවක් වන බැවින් එවැනි සමාජයක් බිහි කිරීම රජයක යුතුකම වී තිබෙනවා.

ඒ නිසා මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙරට නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමට රජය සද්භාවයෙන් කරනු ලබන නීතිමය සංශෝධන වලින් අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කරන ගමන් යුක්තිගරුක, විනයගරුක දේශයක් බවට පත් කර නීතිය සැමට සමාන කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමයි".

මෙම අවස්ථාවට නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන කටයුතු පිළිබද අමාත්‍ය සාගල රත්නායක, රජයේ සොලිසිටර් ජෙනරාල්, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික ආයතනයේ සභාපති,ජනාධිපති නීතිඥ සුහද ගමලත් සහ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලීසියට එල්ල වන චෝදනාවලින් සියයට 90ක් පාලනය වුණා - ඇමති විජයදාස
පොලීසියට එල්ල වන චෝදනාවලින් සියයට 90ක් පාලනය වුණා - ඇමති විජයදාස
http://ift.tt/2fm8hdF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy