අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා පමණක් මේ වසරේ (2016) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල...
අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා පමණක් මේ වසරේ (2016) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 14170 කින් ඉහළ ගොස් තිබේ.
මින් රුපියල් කෝටි 13300 ක් විදේශ ණය වැඩිවී ඇති අතර ඉතුරු රුපියල් කෝටි 870 ක් වැඩිවී ඇත්තේ විදේශ ව්‍යවහාර මුදලින් වටිනාකම තක්‌සේරු කළ හැකි දේශීය ණය ප්‍රමාණය වැඩිවීමෙන් බව වාර්තා වේ.
ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල කලක් තිස්‌සේම පිරිහෙමින් තිබෙන අතර මේ වන විට අමෙරිකානු ඩොලරයක රුපියල් අගය රු.150 ද ඉක්‌මවා ගොස් තිබේ.
ගිය වසරේ (2015) දී අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 28,500 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්‌වේ.
COMMENTS