දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එංගලන්ත රෝහලක වරදින් මියගිය සැමියා වෙනුවෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරියට කෝටි 61ක වන්දියක්
Homeගොසිප්

එංගලන්ත රෝහලක වරදින් මියගිය සැමියා වෙනුවෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරියට කෝටි 61ක වන්දියක්

PropellerAds

එංගලන්ත රෝහලක වරදින් මියගිය සැමියා වෙනුවෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරියට කෝටි 61ක වන්දියක් බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික වෛද්‍යවරිය...

'පිං අගමැතිකම් එපා' : මහින්දගෙන් ප්‍රකාශයක්.
බහුතර බලය නැති තැන්වල බලය අල්ලන්න අමුතු සාකච්ඡා : මහමැතිවරණයක සලකුණු.
බදුල්ල ප්‍රාදේශීය සභාව සන්ධානයට.



එංගලන්ත රෝහලක වරදින් මියගිය සැමියා වෙනුවෙන්
ශ්‍රී ලාංකික වෛද්‍යවරියට කෝටි 61ක වන්දියක්


බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික වෛද්‍යවරියක වන කුමුදු
කුමාරසිංහට සිය ජීවිතයේ සුන්දරම ඍතුවේ රෝහලක වරදකින් සැමියාගේ ආදරය, රැකවරණය අනපේක්ෂිත ලෙස අහිමි වී ගොසි තිබිණි. පසුව ඇය සැමියාගේ වියෝව වෙනුවෙන් සාධාරණය පැතුවාය. හෘද රෝගී තත්ත්වයකින් මියගියත් බරපතළ හෘද රෝගී තත්ත්වයකට සිය සැමියා ගොදුරු වූයේ ප්‍රතිකාර ලැබූ රෝහලේ නොසැලකිල්ල නිසා බව ඇය කීවාය. ඈ ඉල්ලූ සාධාරණයට එරට මහාධිකරණයෙන් ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ක්‍ෂේත්‍රය උඩුයටිකුරු කළ  තීන්දුවකි.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ නොසැලකිල්ල නිසා අකාලයේ මියගිය විශිෂ්ට ලාංකික ඉංජිනේරු සැමියා වෙනුවෙන් බිරිඳට  පවුම් 335000ක (රු. කෝටි  61ක් පමණ මුදලක්)  ගෙවන ලෙස බ්‍රිතාන්‍ය
මහාධිකරණය පසුගියදා තීන්දු කර තිබුණි.
2010 වසරේදී මෙසේ අවාසනාවන්ත මරණයකට
ගොදුරු වූයේ බි්‍රතාන්‍යයේ (Hetfordshire) හර්ට්ෆර්ඞ්ස්හශයර් ප්‍රාන්තයේ (St alban) ශාන්ත ඔල්බන් නගරයේ විසු දක්ෂ ඉංජිනේරුවකු වූ රොහාන් රූපසිංහ මහතායි. නොසැලකිල්ල නිසා තම ආදරණීය සැමියාගේ
මරණය සිදුකිරීම වෙනුවෙන් වන්දි ඉල්ලා Watford රෝහලට විරුද්ධව නඩු පවරා තිබුණේ එම රෝහලේම ඉහළ පෙළේ වෛද්‍යවරියක් වූ 38 හැවිරිදි කුමුදු රූපසිංහ මහත්මියයි.

සැමියාගේ වියෝව නිසා තමන්ට තනිවම දරුවන් දෙදෙනා ඇති දැඩි කිරීමට වැඩිපුර කාලය ගත කිරීමට සිදු වූ නිසා තමන්ගේ රැකියා ප්‍රතිවර්ධනය කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ


රූපසිංහ මහත්මිය ඒ
වෙනුවෙන්ද වෙනම වන්දි මුදලක් රෝහල මගින් ඇයට ගෙවිය යුතු යැයි තම පැමිණිල්ලෙන් කියා සිටියාය.

රොහාන් රූපසිංහ මහතා කලක් පටන්ම හෘද රෝගවලට ලක්වූවෙකි.  රෝහලේ දී වරින් වර පරීක්ෂණවලට ලක් කෙරෙන විටත් electrocardiogram වලදීත් ඒ මහතා බලවත් අපහසුතාවන් පෙන්වූයේ යැයි පැමිණිල්ලේ අධිනීතිඥ Gordon Bebb උසාවියට ප්‍රකාශ කළේය. වයස අවුරුදු 33ක්ව තිබිය දී අකල් මරණයකට ගොදුරු වූ රොහාන් රූපසිංහ මහතා හෘදයාබාධ පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇති පුද්ගලයකුව සිටි බවත් හෘදය ආශ්‍රිතව සිදු කළ පරීක්ෂණවල දී සැලකිලිමත් විය යුතු මට්ටමේ සලකුණු පෙන්වා තිබූ බවත් අධිනීතිඥවරයා අධිකරණයට පැහැදිලි කර දුන්නේය. රෝගාතුර වූ රූපසිංහ මහතා හදිසියේ Watford මහ නගරයේ ප්‍රධාන රෝහලට ඇතුළත් වූයේ 2010 දී ය. රූපසිංහ මහතාගේ බිරිඳ කුමුදු එවිට එම රෝහලේම හදිසි අනතුරු අංශයේ locum වෛද්‍යවරියක් වශයෙන් සේවය කරමින් සිටි බව කී අධිනීතිඥවරයා මෙසේද කීය.

“රොහාන් රූපසිංහ මහතාගේ හෘදස්පන්දන විවිධාකාරව තිබුණ නිසා ඔහුට හදිසියේම බරපතළ හෘදයාබාධයක් වැලඳෙන්නට පුළුවන් බව දොස්තරවරු දැනගත යුතුව තිබුණා.”

Watford රෝහලේ දොස්තරවරු රූපසිංහ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය අවබෝධ කරගෙන ඔහුට මුල ඉඳළම ICD වර්ගයේ ඉහළ පෙළේ pacemaker (හෘදගතිකරය) උපකරණයක් සවිකළා නම් රූපසිංහ මහතා අකාලයේ මෙහෙම නැති වෙන්නේ නැහැ.”

නමුත් ඔවුන්ගේ නොසැලකිල්ල නිසාම හදිසියේම විශාල හෘදයාබාධයකට ලක් වී ඒ මහතා මියගියා. උසාවිය අමතමින් වැඩිදුරටත් කතාකළ අධිනීතිඥවරයා මෙසේ  “She and her children, aged nine and six, were however entitled to compensation for their bereavement and ‘loss of dependency’  on their husband and father. ඇය හා ඇයගේ වයස හයේ හා නවයේ පුංචි දරුවන් දෙදෙනාට ඔවුන්ගේ දරාගත නොහැකි ශෝකය  හා තම සැමියා හා පියාගෙන් ලැබුණ පරායත්තභාවය නැතිවීම යන කරුණු දෙක වෙනුවෙන් ඔවුන්ට රෝහලෙන් විශාල වන්දියක් ඉල්ලීමට අයිතියක් තියනවා.”

මියගිය රූපසිංහ මහතා තමයි තම ඉහළ  පෙළේ රැකියාවෙන් මේ දරු පවුල නඩත්තු කළේ. ඔහු වැඩ ඇරිලා ගෙදර ආවම තමන්ගේ ආදරණීය බිරිඳට පාඩම් කරන්නට ඉඩ දෙමින් ගෙදර තමාගේ පුංචි දරුවන්
දෙදෙනා ආදරයෙන් බලා ගත්තා. රූපසිංහ මහත්මියගේ බලාපොරොත්තුව තිබුණේ acute Medicine (උග්‍ර වෛද්‍ය) විෂය හදාරා ඉහළ පෙළේ
වෛද්‍ය විශේෂඥවරියක් වීමටයි.  නමුත් සැමියාගේ අවාසනාවන්ත මරණය නිසා ඇයගේ බලාපොරොත්තු කඩ වුණා. පුංචි ළමුන් දෙදෙනකු තනිවම බලා ගන්න අතරේ රෝහලේ හදිසි අනතුරු අංශයේ වැඩ කරන්නට සිදු වූ ඇයට ඉක්මනට වෛද්‍ය විශේෂඥවරියක් වීම සඳහා පාඩම් කිරීමට ඉඩක් ලැබුණේ නැහැ. දැන් ඇයට වෛද්‍ය
විශේෂඥවරියක් වන්නට වසර 2019 වනතුරු බලා ඉන්න වෙනවා. එසේම තමන්ගේ සැමියා අවාසනාවන්ත ලෙස මරණයට පත්වූයේ නැතිනම් ඇය වයස 50වන විට ඉලක්කම් හයේ විශාල පඩියකට (පවුම් මිලියනයක් හෙවත් රුපියල් මිලියන 185ක්) හිමිකාරියක් වන්නට ඉඩ තිබුණා.

ඒ සියල්ලම ඇයට අහිමි වුණේ මේ රෝහලේ නොසැලකිල්ලෙන් ඇයගේ සැමියා මියගිය නිසා.  ඒ නිසා දොස්තර රූපසිංහ මහත්මියට  අහිමි වූ විශාල වැටුප හා රැකියා ප්‍රතිවර්ධනය (career
progress)) වෙනුවෙන්  Watford රෝහලෙන් අපි තවත් විශාල වන්දි මුදලක් ඉල්ලා සිටිනවා.”

රූපසිංහ මහත්මිය උසාවියේදී සාක්කි දෙමින් මෙසේ කියා සිටියාය. මගේ සිහිනය වුණේ හැකි ඉක්මනට වෛද්‍ය විශේෂඥවරියක වීමටයි.  නමුත් මගේ සැමියාගේ අකල් මරණයෙන් පසු මට එය ඉඩු කරගන්නට
බැරිවුණා.” නඩුවේ තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු Jay මහතා මෙසේ කීවේය.

“කුමුදු කුමාරි රූපසිංහ මහත්මිය ඉතාමත් බුද්ධිමත් වෛද්‍යවරියක්. ඇය දරුවන් හා සැමියා සමග ඉතාමත් සමීප පවුල් ජීවිතයක් ගත කළ කාන්තාවක්. සැමියා හදිසියේ මියයාම ඇය හා දරුවන්ට දරන්න බැරි
පාඩුවක්. මේ පවුල ඉතාම තදින් එකට බැඳී සිටි පවුලක් බව පෙනෙනවා. මේ දරුවන්ට බුද්ධිමය වශයෙන් ඉතා විශිෂ්ට ගති ලක්ෂණ ඇති වගේම වෘත්තීය වශයෙන් ඉතා දීප්තිමත් තත්ත්වයක ඉන්නා දෙමව්පියන් හිමි වී සිට තිබෙනවා.

නමුත් අවාසනාවට සැමියා මියනොගියා නම් ඇයට ඉපැයීමට පුළුවන්කම තිබුණෙ නෑ කියන  වේතනය (lost earnings) වෙනුවෙන් වන්දියක් ඉල්ලන්න ඇයට නීතිමය හැකියාවක් නැහැ.  එනිසා එම වන්දි ඉල්ලීම මා කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා.  නමුත් තමන්ගේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් කම නිසා ඇයගේ සැමියා මියගිය බව Watford රෝහලේ බලධාරීහු දැනටමත් පිළි අරන් ඉවරයි. එනිසා සැමියාගේ ජීවිතය වෙනුවෙන් පවුම් 335,000ක (රු. කෝටි 61 ක් පමණ) වන්දියක් කුමුදු රූපසිංහ මහත්මියට ගෙවන ලෙස මා මෙයින් Watford රෝහලට නියෝග කරනවා. දීප්තිමත්ව ගෙවී යන්නට තිබූ අනාගතයට යන ගමන ප්‍රමාද කරවූ සිය ආදරණීය සැමියාගේ අකල් වියෝවෙන් ජීවිතයට දැනුණු අඩුව පුරවන්නට පවුම් 335,000ක් තරම්
නොවනු ඇත. එනමුත් ප්‍රතිකාර පතා තමන් වෙත එන කුමන තරාතිරමක කෙනකුට ජීවත්වීම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දීමට ලෝකයේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට යළි යළිත් සිහි කැඳවන්නට වෛද්‍ය කුමුදු
රූපසිංහට සාධාරණය ඉටුකර දුන් බ්‍රිතාන්‍ය මහාධිකරණ තීන්දුව සමත් වනු නොඅනුමානය.

-ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29341,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එංගලන්ත රෝහලක වරදින් මියගිය සැමියා වෙනුවෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරියට කෝටි 61ක වන්දියක්
එංගලන්ත රෝහලක වරදින් මියගිය සැමියා වෙනුවෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරියට කෝටි 61ක වන්දියක්
http://ift.tt/2fTA2LX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy