දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැය අතලඟ: මැතිසබයට කෝටි 5103ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌
Homeප්‍රවෘත්ති

අයවැය අතලඟ: මැතිසබයට කෝටි 5103ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

PropellerAds

අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කිහිපයක්‌ සඳහා මේ වසරට (2016) පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල ප්‍රමාණවත් නැතැයි පවසමින් අමතර රුපියල් කෝටි පන්දහස්...

අසූචි ගහලා මාධ්‍ය මෙල්ල කරන්න බෑ... ඒවා නිකම් අඳබාල වැඩ... චමුදිතට ගහපු එක ගැන මුරුත්තෙට්ටුවේ හිමිගෙන් දොස්! (VIDEO)
'සජිත්ගේ පිරිසක් මට මඩ ගහනවා.. මගේ දේශපාලන ගුරුවරයා රනිල්' - හරීන් විශේෂ හෙළිදරව්වක (VIDEO)
"මාධ්‍යවේදීන් CID වෙත කැඳවූවොත් මමත් එනවා ඔබත් එක්ක" - ඇමති ඩලස් දුන් පොරොන්දුව
අයවැය අතලඟ: මැතිසබයට කෝටි 5103ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කිහිපයක්‌ සඳහා මේ වසරට (2016) පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල ප්‍රමාණවත් නැතැයි පවසමින් අමතර රුපියල් කෝටි පන්දහස්‌ එකසිය තුනකට අධික මුදලක්‌ ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තිබේ. 

වසර අවසන් වීමට මාස දෙකක කාලයක්‌ සහ මීළඟ වසර අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක්‌ ඉතිරිව තිබියදී මෙම කෝටි පන්දහසකට අධික මුදල ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් වෙනුවෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම සඳහා ද රුපියල් දහඅටකෝටි පනස්‌ දෙලක්‍ෂයක මුදලක්‌ මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශයට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් ලක්‍ෂ තිහක්‌, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයට, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට සහ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශයට රුපියල් හාරකෝටි තිස්‌ලක්‍ෂය බැගින් හා විදේශ රැකියා අමාත්‍යාංශයට රුපියල් පනස්‌ ලක්‍ෂයක්‌, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් විසිදෙලක්‍ෂයක්‌, අස්‌ගිරි මහානාහිමි වෙනුවෙන් රුපියල් එක්‌කෝටි නවලක්‍ෂයක්‌ වාහන වෙනුවෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව වියට්‌නාමයෙන් සහල් අපනයනය කිරීමේදී සිදුවූ පාඩුව කපා හැරීම සඳහා රුපියල් තුන්කෝටි පහළොස්‌ ලක්‍ෂයක්‌ ද, ලංකා සතොසට වූ පාඩුව මහා භාණ්‌ඩාගාරයෙන් ප්‍රතිපූර්ණය කිරීම සඳහා රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක්‌ ද, කාන්තා හා ළමා කටයුතු ඇමැති නිල නිවසට ලී බඩු මිලදී ගැනීම සඳහා රුපියල් එක්‌කෝටි එක්‌ලක්‍ෂයක්‌ ද, එල්ෆින්ස්‌ටන් රඟහල නවීකරණය සඳහා රුපියල් දාහතර කෝටි දොළොස්‌ ලක්‍ෂයක්‌ ද මෙම පරිපූරකය මගින් ඉල්ලා තිබේ.

අදාළ පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැය අතලඟ: මැතිසබයට කෝටි 5103ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌
අයවැය අතලඟ: මැතිසබයට කෝටි 5103ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌
http://ift.tt/2e7rMFV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/5103.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/5103.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy