"අද රුපියල් පන්දහසක බඩු ගත්තත් ෂොපිං බෑග් එකක් පුරවන්න බැහැ"යි විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර රැස්වීමක් අමතමින් පවස...
"අද රුපියල් පන්දහසක බඩු ගත්තත් ෂොපිං බෑග් එකක් පුරවන්න බැහැ"යි විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර රැස්වීමක් අමතමින් පවසා ඇත. ඔහු මෙසේ කියා ඇත.
"මේ අය - වැය සිල්ලර අය - වැයක් නොවේ.
කෙටි කාලයකට මිනිසුන් සතුටු කරන්නක්ද නොවේ. ළඟ නොබලා දුර බලා හැදූ අය - වැයක්. 2020 වන විට මේ අය - වැයේ ප්‍රතිලාභවලින් ජනතාව සතුටු වනු ඇති. පාරිභෝගික භාණ්ඩ ගණනාවක මිල අඩු කළා. ඒ වුණත් ජනතාව අද ජීවත් වෙන්නෙ අමාරුවෙන්. ඒ නිසා තවත් භාණ්ඩ ගණනාවක මිල අඩු කරන්න ඕනෑ. එදා කීවේ රුපියල් දාහකින් ෂොපිං බෑගයක් පිරෙන්න බඩු ගන්න පුළුවන් කියලයි. අද රුපියල් පන්දහසක බඩු ගත්තත් ෂොපිං බෑග් එකක් පුරවාගන්න බැහැ".
COMMENTS