බ්‍රසීලයේ සිට මෙරටට ගෙන්වා ඇති සීනි තොග අඩංගු කන්ටේනර් 50කට අධික සංඛ්‍යාවක් දැඩි පරීක්ෂාවට භාජන කරන තෙක් වරායෙන් පිටකිරීම තාවකාලිකව අත්හිට...
බ්‍රසීලයේ සිට මෙරටට ගෙන්වා ඇති සීනි තොග අඩංගු කන්ටේනර් 50කට අධික සංඛ්‍යාවක් දැඩි පරීක්ෂාවට භාජන කරන තෙක් වරායෙන් පිටකිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
බ්‍රසීලයේ සිට මෙරටට ගෙන ආ සීනි තොගයක් සමඟ රුපියල් කෝටි 45ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් පසුගියදා කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණ නියෝගයක් ලබාගෙන රේගු නිලධාරීන්ගේද සහාය මත එම සැකකටයුතු සීනි කන්ටේනර් තොගය එකින් එක පරීක්ෂාවට ලක් කරමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
කොකේන් තොගය මෙරටට ගෙන්වා ඇති පෞද්ගලික ආයතනය පිළිබඳව තොරතුරු පොලිසිය හෙළිකරගෙන ඇතත් එය සීනි තොගයෙන් ඉවත්කරගෙන යෑමට සූදානමින් සිටි ජාවාරම්කරු සොයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බ්‍රසීලයෙන් සීනි තොග පටවා එවනු ලබන කන්ටේනර් තුළට අතරමඟ වෙනත් රටකදී මත්ද්‍රව්‍ය තොග ඇතුළු කරනවාද යන්න ගැන සැක පහළ කරන පොලිසිය, ඒ
පිළිබඳව ජාත්‍යන්තර පොලිසියට මෙන්ම රටවල් ගණනාවක පිහිටි මත්ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් ඒකකවලටද දැනුම් දී ඇති බවද පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියා සඳහන් කළේය.
COMMENTS