වර්තමාන රජයේ කිසිදු අමාත්‍යවරයෙකු මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදාවේ යානා ලබාගෙන නොමැති බවත් කවරාකරයෙන්වත් ගුවන් හමුදාවේ සම්පත් අවභාවිතාවක...
වර්තමාන රජයේ කිසිදු අමාත්‍යවරයෙකු මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදාවේ යානා ලබාගෙන නොමැති බවත් කවරාකරයෙන්වත් ගුවන් හමුදාවේ සම්පත් අවභාවිතාවකට ලක්ව නොමැති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයකදී තමා සභාගත කළ පිළිතුරේ සඳහන් අමාත්‍යවරුන් ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිත කරමින් කළ ගුවන් ගමන් සඳහා මුදල් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කළත් ඇතැම් මාධ්‍ය එය වැරදි ලෙස අර්ථකතනය කර ඇති බවයි.
ගුවන් හමුදාවේ ගුවන් යානා හා හෙලිකොප්ටර් යොදා ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ 02ක් ආරක්ෂක අමාත්‍යාංශයට ගෙවීම් කළ යුතු බවත් එම මුදල් සති 02ක් ඇතුළත ගෙවන බවට එම අමාත්‍යාංශ ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා ඇති බවත් රුවන් විජයවර්ධන මහතා මෙහිදී පැවසීය.
එලෙස මුදල් ගෙවීමට ඇත්තේ මුදල් අමාත්‍යාංශය හා සංචාරක හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් බවද ඔහු සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ පසුගිය ආණ්ඩුව විසින් කළ ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවට අය විය යුතු මුදල් තවමත් ගෙවීම් සිදු කර නොමැති බවයි.
එසේම හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ගුවන් ගමන් සඳහා රුපියල් ලක්ෂ 9ට ආසන්න මුදලක් තවමත් අයවීමට තිබෙන බවද ඔහු පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS