කරාපිටිය රෝහල් සංකීර්ණයෙහි පිළිකා ආයතනයක් ඉදිකිරිම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදල් අධාර එකතු කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටප...
කරාපිටිය රෝහල් සංකීර්ණයෙහි පිළිකා ආයතනයක් ඉදිකිරිම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදල් අධාර එකතු කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පසුගියදා පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ට්‍රේල් නමින් පාගමනක් ආරම්භ කරනු ලැබීය.
මේ වන විට එම ඉලක්කයෙන් 37%කට අධික ප්‍රමාණයක් ඔවුන් විසින් සපුරාගෙන ඇති බව වාර්තා වේ.
පේදුරුතුඩුවේන් පටන් ගත් පාගමනට මුලින්ම වියළි කාලගුණයෙන් බාධා ඇතිවූ අතර මේ වනවිට එයට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ.
කෙසේ වෙතත් අව්වට වැස්සට මහේල ඇතුළු පිරිසගේ පාගමන නවතාලිය නොහැකි වී ඇත.
මහේල මෙන්ම ඔහුගේ බිරිඳ ක්‍රිස්ටිනා මහත්මිය ද ආරම්භයේ සිට මහේල හා මෙම පාගමනට එක්ව සිටියි.
අද (24) දිනයේදී කුසල් පෙරේරා ද මෙම පා ගමනට එක්විය.
කෙසේවෙතත් උදෑසනදී වර්ෂාව පතිත වුවත් එය ගණනට නොගත් මහේල, කුසල්, ක්‍රිස්ටිනා ඇතුළු පිරිස අඛණ්ඩව පා ගමනේ නිරතවිය.
ජනතාව ද වැසි නොතකා හැකි අයුරින් ආධාර ලබාදුන්නේය.
අද දිනයේදී කොච්චිකඩේ සිට ජා ඇළ දක්වා කිලෝමිටර් 24ක දුරක් ඔවුන් ආවරණය කිරිමට නියමිතය.
ඡායාරූප පහතින්.
COMMENTS