යාපනය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය ප්‍රධාන ඉල්ලීම් 02ක් මුල කරගනිමින් ඊයේ (19) එම සරසවිය ඉදිරිපිට හිඳගනිමින් දවස පුරා වැඩ වර්ජනයක ...
යාපනය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය ප්‍රධාන ඉල්ලීම් 02ක් මුල කරගනිමින් ඊයේ (19) එම සරසවිය ඉදිරිපිට හිඳගනිමින් දවස පුරා වැඩ වර්ජනයක නිරත වූහ.
එම විශ්වවිද්‍යාලයේ පරිපාලනයට එරෙහිව මෙම වැඩවර්ජනය සංවිධානය කොට තිබූ අතර වැඩ වර්ජනයේ නිරත වූ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් කියා සිටියේ තමන්ට මේ වනතුරුත් ලැබීමට ඇති වැටුප් වර්ධක දීමානාව නොලැබීමත්, නිල ඇඳුම් දීමනාව නොලැබීමත් හේතුවෙන් මෙසේ විරෝධතාව පළ කළ බවයි.
ඔවුන් ඉල්ලා සිටින්නේ මේ වනතුරුත් ලබානොදුන් එම දීමනාවන් වහාම ලබාදෙන ලෙසයි.
අදාළ ගැටලුව පිළිබඳව ලබන 22 වැනි දින විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට එහි නිලධාරීන් විසින් වැඩ වර්ජනයේ නිරත වූවන්ට පොරොන්දු වීමෙන් පසුව වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමුණු අතර ලබන නොවැම්බර් මස 07 වනදා වන විට සිය ගැටලු වලට විසදුම් නොලැබුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගකට එලඹෙන බවට අනධ්‍යයන කාර්ය මණ්ඩලය විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS