පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි, පෙබරවාරි වනවිට පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා සියලු දෙනා සූදානම්...
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි, පෙබරවාරි වනවිට පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ සඳහා සියලු දෙනා සූදානම් වන්නැයි ජනාධිපතිවරයා පසුගියදා මහවැලි කේන්ද්‍ර යේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මැති ඇමතිවරුන්ගේ රැස්වීමේදී සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුනහොත් එහි වාසිය යන්නේ එක්සත් ජාතික පක්ෂයට බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මේ අතර සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර යන පළාත් සභා තුනේ මැතිවරණයද ලබන වසර මැදදී පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට තමා ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
COMMENTS