දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka
Homeදේශපාලන

රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka

PropellerAds

නිදහසින් පසු බිහිවූ කිසිඳු රජයකින් මේ රටට කිසිඳු යහපතක් සිඳු නොවූ බැවින්. කඩිනමින් මේ රට දියුණු කිරීම සඳහා නවමු පක්ෂයක් බිහි කිරීමට ගරු බුහ...

පුංචි ජන්දය පෙබරවාරි 17ට පෙර - ආයතන 248ක නාමයෝජනා අද සිට
මාධ්‍යවේදීන්හට එල්ලවෙන තර්ජන ගැන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ලැදියාවක් නැ - අගමැති
ප්‍රංශ නාවික නෞකා ඔවේන් කොළඹ වරායට

නිදහසින් පසු බිහිවූ කිසිඳු රජයකින් මේ රටට කිසිඳු යහපතක් සිඳු නොවූ බැවින්. කඩිනමින් මේ රට දියුණු කිරීම සඳහා නවමු පක්ෂයක් බිහි කිරීමට ගරු බුහුමුනට ලක්වූ ශ්‍රේෂ්ඨ ලක් පුතුන් රැසකින් සමන්විත පිරිසක් කටයුතු කර ගෙන යන බව ප්‍රකාෂ කරමින්, අති විශේෂ පුවත් පවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

එතෙක් මෙතක් බිහිවූ සියළුම නායකයන්ට තම දැණුම මෙන්ම උපදෙස්ද නිරන්තරයෙන් ලබා දෙන ලද්දේ වූවද, ඔවුන් එම උපදෙස් නොතකා කටයුතු කිරීමෙන්, මේ රට අගාදයටම ගමන් කරමින් තීබනා බව වෛද්‍ය සුජිත් නිශාන්ත යෝගී තුමා මහතා කරුණු ගෙන හැර දක්වමින් පැවසීය.

මහචාර්ය නලීන්ද සිල්වාගේ උපදෙස් අනුව බිහිවන මෙම පක්ෂයේ න්‍යායාචාර්යවරුන් වන්නේ, නාථ දෙවියන් ප්‍රමුඛ තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාය. ඔවුන්ගේ ඇල්ම බැල්ම ඇති අනුගාමිකයින් පිරිසක් විසින් මේ ජම්බුද්වීපය පාළණය කිරීම වෙනුවට, කෙලින්ම ඔවුන් මේ සඳහා සහභාගී වීමට එකඟ වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

මේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට නම්, මහ බැංකුවේ සියළුම කටයුතු වාලම්පූරිගත කළ යුතු බව සඳහන් කළ මහාචාර්ය කීර්ති දිසානායක මහතා සඳහන් කළේ, කිසිවකුටත් මෙතක් ලබා නුදුන් තමන් සතු අති විශේෂ වාලම්පූරිය තමන් ඒ සඳහා ලබා දෙන බවත්, ඉන් පසු මහ බැංකුව ඩොලර් වලින් පිරී ඉතිරී යන බවත්. රුපියල අබියස ඩොලරය සහ අනෙක් විදෙස් මුදල් සියල්ල බාල්දු වන බවත්ය. 

එම වාලම්පූරියේ ඇති විශේෂ රත් පැහැය විදුලි පන්දමක ආධාරයෙන් රැස්ව උන් මාධ්‍යවේදීන්ට ප්‍රදර්ශණය කළ අතර, සති අන්ත පුවත් පත්වල කතෘ වරුන් හා පෞදගලික රූපවාහිනී නාලිකා නියෝජනය කරමින් පැමිණ සිටි විධායක නිළධාරීන් බිම දිගාවී වාලම්පූරියට ගරු බුහුමන් දක්වා සිටියේය. 

චීනය වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගත්තේ තම උපදෙස් අනුව කටයුතු කොට ෆෙන් ෂුයි ආර්ථික ක්‍රමය ඒ රටට හඳුන්වා දීමෙන් පසුව බවත්, තමන් බලයට පත් වූ පසූ සියළුම නිවෙස් සඳහා නිසි පරිදි සකසන අල ලද රන් පැහැ කාසි වැලලීමට ලබා දෙන බවත්, ඒමගින් සියළු අඟ හිඟ කම් දුරුවී සෞභග්‍ය ළඟා වන බවත් මෙහිදි අදහස් දැවූ මහාචාර්ය ආසිරි වනිගරත්න මාස්ටර් සඳහන් කර සිටියේය.

එමෙන්ම සියළුම බෞද්ධයින් රැවටීමකට ලක් කොට ඇති බවත්. බුදුරජානන් වහන්සේ ලෙස ඔවුන් පුද පූජා පවත්වන්නේ එච් ආර් ජෝතිපාලයන්ගේ පිළිම වලට බවත්, ඒ වෙනුවට එම පිළිම ඉවත් කොට, ලාෆින් බුද්දා පිළිමයට පුද පූජා පැවැත්වීමෙන්, නිවන් සුව ලැබීමට සසර ගමන නිම වනා තෙක් නොසිට මේ ආත්මයේම නිවන් දැකීමට ලැබිය හැකි බවත් සඳහන් කළේය.

මෙහිදි අදහස් දැක්වූ මංජුල පීරිස් මහතා කියා සිටියේ, උගත් බුද්ධිමත් පටපුරක් බිහි කිරීම සඳහා දිනපතා වැඩසටහන් මඟින් සංසර්ගයේ යෙදිය යුතු නැකත් ලබා දෙන බවත්, එම නැකත් වේලාවන්ට අනුව සංසර්ගයේ යෙදීමෙන්, තිදෙව් ලොවම දර්ශනය වනවාට අමතරව, හටගන්නා සියළුම කලළයන් අනාගතයේදී ළොවම ජය ගන්න බුලට් බඩු බවය.

අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බන්ඩාර මහතා පැවසුවේ තම පක්ෂය 2020 දී ජයගන්නා බව ටක්කෙටම පවසා සිටිය හැකි බවත්, ඒ සඳහා සියළුම අනුගාමකයින් බෝධී පූජා පවත්වා, තම පක්ෂය බලයට පත් වනා මෙන් ආයාචනා කල යුතු බවත්ය. එහෙත් එම පූජාවන් නිසි පරිදි සිඳු නොකලොත් ක්‍රිකට් ළෝක කුසළාණය දිනා ගැනීමට නොහැකි වූවා වැනි බලපතල කළකිරීම් වුවද ඇති විය හැකි බව සඳහන් කරනවාත් සමඟම අදහස් දැක්වූ ප්‍රවීන රාජ්‍ය ජෝතිෂ්‍යවේදී සුමනදාස අබේගුනසෙකර මහතා පැවසුවේ, වත්මන් දේශපාලකයින් පවා තම පක්ෂය වටා එක්වන බවත්, ඔවුන් අනිවාර්යයෙන්ම 2020 දී මේ රටේ බලයට පත් වන බවත්ය.

එසේනම් මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ කෙසේදැයි විමසූ මාධ්‍යවේදියෙකුට පිළිතුරු දෙමින් කේප්ප සුමනේ මහතා පැවසුවේ, පරදින බව කීවා නම් සුදු වෑන් රථයකින් නිවන් බලා ගමන් කිරීමට තිබුනු බවත්, දැන්ම නිවන් යෑමට අදහසක් නැති බවත්ය.

ඒ උනාට මහින්ද මහතාට ඒ බව කීවේ නැත්තේ මන්දැයි නැවතත් විමසූ මාධ්‍යවේදියාට පිළිතුරු දෙමින් කේප්ප සුමනේ මහතා පැවසුවේ. දෙයක් කියන්න ඕනා, කිව්වාම අසනා මිනිසෙකුට බවත්, අදටත් කියන දේ අහන්නේ නැතිව ඉල්ලාගෙන කන එකෙකුට ඕවා කියන්න ගියා නම් හෙම, ඉල්ලාගෙන කන්න වෙන්නේ සුමනදාස වන මටම බවත්ය.

අවසාන වශයෙන් අදහස් දැක්වූ යහපාලනවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කලේ, ප්‍රසන්න රණතුංග ලංකාවේ ජනාධිපති වුවහොත්, මුදුහෙට්ටිගම මහතා අගමැති විය හැකි බවත්, නැවත වරක් රෙජිමයකට රට නතු විය හැකි බවත්, එසේ වුවහොත් රට පමණක් නොව රටේ අභිමානයට ඇති එකම දෙය වන ක්‍රිකට් ක්‍රීඩාවටත් අබ සරණ බවත්, ඒ හේතුවෙන් තමන් මෙම පක්ෂය හා එක්ව එහි ජයග්‍රහණය සඳහා කළ හැකි සියල්ල කරනා බවත්ය. 

මෙම පුවත් පත් සාකච්ඡාවේදි ඉරහඳ කතෘ ප්‍රියත්ත රත්නායක සහ අනුරාධපුරයේ කාලි අම්මාද අදහස් දැක් වූයේය. 

මාතලන් | Maathalan


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29374,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka
රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka
http://ift.tt/2dVi7W7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/new-party-to-build-sri-lanka.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/new-party-to-build-sri-lanka.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy