අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මේ බව කියා සිටියේ අද (04) වනදා මාධ්‍යවේදීන් හට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ උත්සවයකට සහභා...
අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මේ බව කියා සිටියේ අද (04) වනදා මාධ්‍යවේදීන් හට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ උත්සවයකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
''අද තියෙන්නේ මාධ්‍යවේදීන්හට සිදුකල අපරාධ ගැන විභාග කරගැනීමේ අයිතිය තහවුරු කරගන්න . කාලයක් තිබුනා රාජපක්ෂ රෙජීමය තුල ඕනෑම මාධ්‍යවේදියෙකුට ගැහැවුවා, මරුවා අත්අඩංගුවේ තියාගෙන හිටියා. මෙහෙම වැදගත් උත්සයකදී මම හිතුවේ මාධ්‍යවේදීන් මාධ්‍ය ප්‍රධානීන් ඉදී කියලා. අද එතන කවුරුත් නෑ. රජයේ මාධ්‍ය ආයතන දෙකක සහ එක පුද්ගලික ආයතනයක කතෘ වරයෙක් විතරක් සිටින බවද අග්‍රාමාත්‍ය වරයා පෙන්වා දුනි ''.
''මේ තුලින් කියන්නේ මේ රටේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන් උදයන් එකේ මාධ්‍යවේදීන්ගේ ජීවිත නැතිවුනාට, ගැහුවට ඒ ගැන තමන්හට කිසිම ලැදියාවක් නෑ කියලා. මේ මාධ්‍යවේදියෝ කියනවා ඒ කියන්නේ අපිට මාධ්‍ය නිදහස උවමනා නෑ. අපිට ඕන රාජපක්ෂ රෙජීමය ඉතිත් මේ ආණ්ඩුව නැතිකරලා හරි රාජපක්ෂ රෙජීමය ගෙනැල්ලා අපිට මේ මාධ්‍යවේදීන් මරන්න ඉඩදෙන්න ඕන කියන එක බවයි හෙතෙම කියා සිටියේ ''
''අද ඇතාගේ ප්‍රශ්නය ගැන මාධ්‍ය හොයන එක හොදයි අපි ඒ ගැන ක්‍රියාකරනවා. නමුත් කරඬුව ගෙනාපු ඇතා මැරුවහම මොකක්ද ඇහුවේ?
‘අද මේ ආණ්ඩුවට ගහන්නේ ඇයි? අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉන්න නිසා මේ අයට ප්‍රජාතන්ත්‍රවාදය එපාවෙලා තියෙන්නේ. ඒ අයට ඕන හම්බකරන ව්‍යාපාර කරන්න. එතකොට කොහොමද මේ රටේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්නේ. ඒක ආණ්ඩුවට විතරක් කරන්න බෑ .මේ වැදගත් සමුළුවේදී මට රටෙන් අහන්න තියෙන්නේ මාධ්‍යවේදීන් ආරක්ශාක්ෂාකරන්න කතාකරන අවස්ථාවට ඇයි මාධ්‍ය ආයතන නියෝජනය කරන ප්‍රධාන පුද්ගලයින් මේ අවස්ථාවට ආවේ නැත්තේ කියලා? මේකෙන් ඔප්පුවෙනවා මේ ආණ්ඩුවට පහර ගහන්නේ රාජපක්ෂ රෙජීමයක් ගේන්න ඕන නිසා බවත් මාධ්‍ය නිදහස ගැන ඔවුන්තුල සැලකිල්ලක් නොමැති බවත්' යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය .
මෙම සම්මන්ත්‍රණයේදී කලාපීය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරුකිරීම සහ ආසියානු මාධ්‍යවේදීන්හට එල්ලවන ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය පර්යේෂකයින්, විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් කතිකාවන් ද පැවැත්වීය.
මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නිතිය , සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමත්‍ය කරුණාරත්න පරණ විතාන සහ යුනෙස්කෝ සංවිදානයේ අධ්‍යක්ෂක ගයි බර්ගර් මහතා ද සහභාගි විය
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි -කොළඹ සිට
COMMENTS