2017 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වි...
2017 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ඒ, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනි.
'අයවැය කතාව' හෙවත් අයවැය දෙවන වර කියවීම ලබන නොවැම්බර් මස 10 වැනිදා සිදුකිරීමට නියමිත අතර ඡන්ද විමසීම එම මස 18 සිදුකිරීමට නියමිතය.
ඉන්පසු අයවැය විවාදය දෙසැම්බර් 10 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත අතර තෙවනවර ඡන්ද විමසීම එදිනම සිදුකිරීමට නියමිතව ඇත.
ඒ අනුව අයවැය දෙවැනි වර සහ තෙවැනි වර කියවා අයවැය ලේඛනය සම්මත කර ගැනීම සිදුවන අතර අයවැයක් සම්මත වූ පසු එය රටේ නීතියක් බවට පත් වේ.
COMMENTS