යාපනය ඩෙල්ෆ් දූපත අවට මුහුදු ප්‍රදේශයෙහි යාපනය ගුරුනගර් ධීවරයින් විසින් ට්‍රෝලර් යාත්‍රා යොදා ගනිමින් මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර සම්පත් මෙ...
යාපනය ඩෙල්ෆ් දූපත අවට මුහුදු ප්‍රදේශයෙහි යාපනය ගුරුනගර් ධීවරයින් විසින් ට්‍රෝලර් යාත්‍රා යොදා ගනිමින් මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර සම්පත් මෙන්ම මත්ස්‍ය සම්පත ද විනාශ වන බව පවසමින් ඩෙල්ෆ් දූපත් ධීවරයින් පිරිසක් ඊයේ (19) යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවිය.
විරෝධතාවයේ නිරත ඩෙල්ෆ් දූපත් ධීවරයින් කියාසිටියේ ගුරුනගර් ධීවරයින් විසින් ට්‍රෝලර් යාත්‍රා වලින් තම දූපතට පැමිණ මසුන් ඇල්ලීම නිසා තමන්ගේ ධීවර කටයුතු වලට දැඩි ලෙසින් බාධා එල්ල වී ඇති බවත් ට්‍රෝලර් යාත්‍රා වලින් එලන ලද දැල් වලින් කුඩා මත්ස්‍ය සම්පතේ සිට මුහුදු පැලෑටි, මුහුදු කූඩැල්ලන් ආදී සියලු දේ විනාශ වී යන බවත් එය වහාම නතර කර දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
එහිදී විරෝධතාවයේ නිරත ධීවරයින් විසින් අදාල ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් යාපනය දිසාපති, නාගලිංගම් වේදනායගම් මහතා වෙතට භාරදුන් අතර දිසාපතිවරයා ප්‍රකාශ කළේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් පලාත් ධීවර අමාත්‍යංශයටත් මධ්‍යම රජයේ අදාළ බලධාරීනුත් දැනුවත් කරන බවයි.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS