මෙවර විසර්ජන ලේඛනයේ සුවිශාලම කප්පාදුව මේ රටේ දේශීය ආර්ථිකයට අදාළ ක්‍ෂෙත‍්‍රවල සිදුකර තිබෙන බව ජ.වි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී...
මෙවර විසර්ජන ලේඛනයේ සුවිශාලම කප්පාදුව මේ රටේ දේශීය ආර්ථිකයට අදාළ ක්‍ෂෙත‍්‍රවල සිදුකර තිබෙන බව ජ.වි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා පවසයි.
මෙසේ අඩුකර තිබෙන්නේ යුද්ධයක් නොමැති පසුබිමක අතිවිශාල ආරක්‍ෂක වියදම් ප‍්‍රමාණයක් දරන අතර බව ඊයේ(23) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේය.
එහිදී හෙතෙම මෙසේද පැවසී ය.
“මෙම වර්ෂයේ මුල් මාස 06 ඇතුළත ආර්ථික වර්ධන වේගය 3.9%ක් බව සඳහන් වෙනවා. විශේෂම දේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2.6% දක්වා අඩු වෙලා. ආණ්ඩුව බලයට පත්වන විට කීවේ ආර්ථික පුළුල් සැලැස්මක් මගින් 6%ක වර්ධන වේගයක් ලබාගන්නා බවයි. නමුත් මෑත ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය දෙවැනි කාර්තුවේ සඳහන් කරමින් සේවා ක්‍ෂෙත‍්‍රයේ 4.9%ක් වෙලා තිබෙනවා. මේ ආදී වශයෙන් සෑම ක්‍ෂෙත‍්‍රයකම ආර්ථික වර්ධන වේගය පහත වැටී තිබෙනවා.
මෙහි ලොකුම බොරුව 2016 බදු ලබාගැනීම පිළිබඳවයි. මුදල් ඇමතිවරයා කියා තිබුණේ රාජපක්‍ෂ ආණ්ඩුව පොදු ජනතාව මත විශාල වශයෙන් පටවා තිබෙන බදු ප‍්‍රමාණය 80% සිට 40% දක්වා අඩු කරමින් සෘජු බදු වශයෙන් තිබෙන 20%ක ප‍්‍රමාණය 60% දක්වා වැඩි කර ඉහළ ආදායම් උපයන්නන්ගෙන් වැඩි බදු ලබාගන්නා බව කීවා. නමුත් අද සිදුවී තිබෙන්නේ පොදු ජනතාව මත පටවා තිබෙන වක‍්‍ර බදු ප‍්‍රමාණය 80% සිට 85% දක්වා වැඩිකර පොහොසතුන්ගෙන් ලබාගන්නා සෘජු බදු ප‍්‍රමාණය 20% සිට 15% දක්වා අඩුකර තිබෙනවා. මේ තත්වය ඇතිවී තිබෙන්නේ සමාගම් ලාභය මත 2013දී පනවා තිබූ 35%ක් තරම් බද්ද රාජපක්‍ෂ පාලනය තුළම 28% දක්වා අඩුකර තිබුණා. එය පසුගිය අයවැයෙන් 17% දක්වා අඩුකළා. මේ අනුව ඉහළ ලාභ උපයන සමාගම්වලින් ලබාගන්නා බදු ප‍්‍රමාණය මේ ආණ්ඩුව යටතේ 11%කින් අඩුකර ජනතාව මත බලපාන වැට් බද්ද විශාල වශයෙන් අඩුකළා.
ගිය වසරට සාපේක්‍ෂව ජනාධිපතිවරයාගේ පමණක් වැය ශීර්ෂය රු. මිලියන 3060කින් වැඩිකර තිබෙනවා. ගිය වසරේ ජනාධිපතිවරයාට වෙන්කර තිබුණේ රු. මිලියන 2391යි. මේ වසරේදී එය රු. මිලියන 5451යි. දළ වශයෙන් 350%කින් පමණ වැඩිවීම විතරක් තිබෙනවා. ගිය වසරේ අගමැතිවරයාගේ සම්පූර්ණ වියදම මිලියන 486යි. මේ වසරේදී එය මිලියන 1254 දක්වා වැඩිකර තිබෙනවා. අගමැතිවරයාටම අයත් ආර්ථික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශයට රු. මිලියන 350කින් වැඩිකර තිබෙනවා.
මෙවර විසර්ජන ලේඛනයේ සුවිශාලම කප්පාදුව මේ රටේ දේශීය ආර්ථිකයට අදාළ ක්‍ෂෙත‍්‍රවල සිදුකර තිබෙනවා. මෙසේ අඩුකර තිබෙන්නේ යුද්ධයක් නොමැති පසුබිමක අතිවිශාල ආරක්‍ෂක වියදම් ප‍්‍රමාණයක් දරන අතරයි. මෙවර ගිය වසරට වඩා මිලියන 18,000කින් ආරක්‍ෂක වියදම් අඩුකර තිබුණත් වැඩිම මුදල් ප‍්‍රමාණයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කරමින් රු. මිලියන 284,000ක් වෙන්කර තිබෙන පසුබිමක් යටතේ මේ රටේ මහජනතාවට බලපාන අත්‍යාවශ්‍ය ක්‍ෂේත‍්‍රවලට වෙන්කරන මුදල් කපාහැර තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල් මේ වසරේ මිලියන 174,000ක් තිබී එය රු. මිලියන 160,000 දක්වා රු.මිලියන 13,106ක් කපාහැර තිබෙනවා. ඒ වගේම මෙවර 10%කට ආසන්න කප්පාදුවක්කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල් විශේෂත්වයක් ගන්නවා. පසුගිය වසරේදී මුදල් ඇමතිවරයා සංඛ්‍යා හරඹයක් කරමින් කන්නංගර යුගයේ සිට ඉදිකළ පාසැල් ගොඩනැගිලිවල වටිනාකම වියදමක් වශයෙන් මේ වසරේත් ඇතුළත්කර තිබුණා. එයට එල්ල වූ විරෝධය නිසා රු. බිලියන 121ක් අඩුකර මෙම වසරේ වියදම වශයෙන් රු. බිලියන 46ක් වශයෙන් සංශෝධනය කර තිබුණා. මේ වසරේදී අධ්‍යාපනයට පැහැදිලිවම වෙන්කර තිබෙන්නේ රු. බිලියන 76යි. අයවැය යෝජනාවලින් මෙයට අඩුම වශයෙන් තවත් බිලියන 75ක්වත් එකතු නොවුණොත් මෙරට අධ්‍යාපනයේ සුවිශාල කප්පාදුවක් සිදුවෙනවා.
මේ ආණ්ඩුව අධ්‍යාපනයට මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් ජනවරමක් ලබාගෙන තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කිරීමේ දිශාවට ගමන් කරන බව ප‍්‍රකාශ කර තිබුණා. විවිධ උද්ඝෝෂණ හා බලපෑම් මත ආණ්ඩුව මේ බව ප‍්‍රකාශ කළත් අයවැය යෝජනාවලදී මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.6%ක් දක්වා අඩුකර තිබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයට රු. බිලියන 163ක් වෙන්කර තිබුණත් මෙයින් මහා මාර්ගවලට යන වියදම අඩුකළ පසු උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉතිරි වන මුදල් සුළු ප‍්‍රමාණයක්. විශ්වවිද්‍යාලවලට සම්බන්ධව තිබෙන විශ්විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ මුදල් රු. මිලියන 44,923 සිට මිලියන 38,854 දක්වා අඩුකර තිබෙනවා. ළමා හා කාන්තා අමාත්‍යාංශයට මේ වසරේදී මිලියන 9765ක් වෙන්කර තිබු මුදල මෙවර මිලියන 2694 දක්වා රු. මිලියන 7,000කින් පමණ කපාහැර තිබෙනවා. මේ කප්පාදු කර තිබෙන මුදල ඇතුළේ විශේෂයෙන් ම ගර්භනී මාතාවන්ට ලබාදෙන දීමනාව ඇතුළු සුභසාධන කප්පාදුව විශාල බවට අපිට සැකයක් තිබෙනවා. විදේශ රැකියාවන්හි නියුතු වූවන් රට විරුවන් සේ හැඳින්වුවද එම අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල රු. මිලියන 1036 සිට මිලියන 694 දක්වා කපාහැර තිබෙනවා.
ග‍්‍රාමීය දේශීය කෘෂි ආර්ථිකයට අදාළව ඉතා විශාල කප්පාදුවක් තිබෙනවා. මෙයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන්කරන මුදල් කපා හැරීම ඉතා බරපතළයි. වැඩිම සේවා නියුක්තියක් තිබෙන්නේ කෘෂිකාර්මික ක්‍ෂෙත‍්‍රයේයි. ලබන වසර වෙනුවෙන් එම අමාත්‍යාංශයේ කප්පාදුව රු. මිලියන 32,807ක් වෙනවා. පසුගිය අවුරුද්දේ වෙන්කර තිබෙන මුදල මිලියන 54,200යි. එය රු. මිලියන 21,393 දක්වා කපාහැර තිබෙනවා. නමුත් 2017 අවුරුද්දේදී රු. මිලියන 54,904ක් දක්වා එම අමාත්‍යාංශයට වෙන් කිරීමට මුලදී පුරෝකථනය කර තිබුණා. ජනගහනයෙන් ලක්‍ෂ 100කට ආසන්න පිරිසකගේ ජීවන මාර්ගය බැඳී තිබෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්කයි. එසේ තිබියදී මෙම මුදල් කප්පාදුව ඉතාම බරපතළ තත්වයන් අතිකරන බව පැහැදිළියි. ඒ වගේම ධීවර, කුඩා කර්මාන්ත, පරිසරය ආදී විවිධ අමාත්‍යාංශවල මුදල් විශාල වශයෙන් කපාහැර තිබෙනවා. අලි මිනිස් ගැටුම වැනි පාරිසරික ප‍්‍රශ්න තිබියදී ජනාධිපතිවරයා යටතේ තිබෙන පරිසර අමාත්‍යාංශයෙන් රු. මිලියන 11,662ක් කපාහැර තිබෙනවා.“ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර, බිමල් රත්නායක මහතා පැවසී ය.
COMMENTS