හැටන් - දික්ඔය නගර සභා සීමාව තුළ දීපාවලී උත්සව සමයේ රතිඤ්ඤා අළෙවි කිරීමේදී පුපුරන ද්‍රව්‍ය පාලකවරයා විසින් නිකුත් කරනු ලබන බලපත්‍රය හා පු...
හැටන් - දික්ඔය නගර සභා සීමාව තුළ දීපාවලී උත්සව සමයේ රතිඤ්ඤා අළෙවි කිරීමේදී පුපුරන ද්‍රව්‍ය පාලකවරයා විසින් නිකුත් කරනු ලබන බලපත්‍රය හා පුපුරන ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැලේ ජංගම ගිනි නිවන කුඩා උපකරණය අනිවාර්යයෙන් තිබිය යුතු බව හැටන් - දික්ඔය නගර සභාවේ ලේකම් එස්. ප්‍රියදර්ශනී මහත්මිය පවසයි.
හදිසි ගිනි ගැනීම්වලදී එවැනි උපකරණයක් ළඟ තබා ගැනීමෙන් සිදුවිය හැකි විශාල ගිනි ගැනීමක් පාලනය කරගත හැකි නිසා තම නගර සභාව මෙම පියවර ගත් බව ඇය කියාසිටියාය.
එලෙස ගිනි නිවන උපකරණයක් තිබීම පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර ලබාදීමේදී අනිවාර්ය කළ යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් හැටන් වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුමිත් වල්පොළ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියාසිටියේ එවැනි ගිනි නිවන උපකරණයක් නොමැතිව පුපුරන ද්‍රව්‍ය අළෙවි කරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
එහෙත් අප වාර්තාකරු විසින් කළ සොයාබැලීමකදී අනාවරණය වී ඇත්තේ එම නියෝගයට පටහැනිව හැටන් නගරයේ වෙළඳසැල් කිහිපයකම රතිඤ්ඤා අළෙවි කරන බවයි.
තවද හැටන් - දික්ඔය නගර සභා පදික වෙළඳාම සඳහා වෙන්කර ඇති ස්ථානවලට බාහිරව අනවසරයෙන් වෙළඳාම් කරන පුද්ගලයින් එම ස්ථානවලින් ඉවත් කිරීමට දික්ඔය නගර සභාව පියවර ගෙන තිබේ.
ඇතැම් ස්ථානවල ව්‍යාපාර සිදුකරන ව්‍යාපාරිකයින් නගර සභාවේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී ඇත.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS