ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට දිගින් දිගටම කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නේ නම් පාරට බැසීමට සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප...
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට දිගින් දිගටම කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නේ නම් පාරට බැසීමට සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූයේ ගාල්ල - ඉමදූව ප්‍රදේශයේ ඊයේ(19) පැවති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“මේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ මට හැඟෙනවා සමහර එක්සත් ජාතික පක්ෂයේ අය හිතන් ඉන්නවා මේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අය අඩු කොටස්කාරයෝ. නෑ නෑ අපි අඩු කොටස්කාරයෝ නෙවෙයි, අපි සම කොටස්කාරයෝ. අපි අඩු කොටස්කාරයෝ නොවන වග ජනාධිපතිතුමා පහුගිය සතියේ හොඳ කතාවක් කරලා කිව්වා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අවුරුද්දේ අයවැයට අපේ යෝජනා අපි මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කළා. ඒ නිසා මේ අයවැයට අපි අපේ යෝජනා මත පිහිටා තමයි අයවැයට පක්ෂ වෙනවාද නැද්ද කියලා තීන්දු කරන්නේ, අපේ යෝජනා භාර ගත්තොත්. ඒ හින්දා අපි සිග්නල් කණු නෙවෙයි, අපි එක්සත් ජාතික පක්ෂය ගහන පදයට නටන රූකඩ නෙවෙයි. අපි සම්මුතිවාදී ආණ්ඩුවේ සම කොටස්කරුවෝ.“
“ඒ නිසා සමහර එක්සත් ජාතික පක්ෂයේ අය හිතේ මවාගෙන හිටියට අපි අඩු කොටස්කාරයෝ කියලා, අපි අඩු කොටස්කාරයෝ නෙවෙයි. අපිට එහෙම දිගින් දිගටම සමහර තැන්වල කුඩම්මාගේ සැලකිලි ලැබුනොත් අපි ඕන වෙලාවක පාරට බහින්නත් සූදානම්. කිසි අවුලක් නෑ.“ යැයි ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS