දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සල්ලි වරප්‍රසාද මදි කියා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ අවුලක්
Homeගොසිප්

සල්ලි වරප්‍රසාද මදි කියා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ අවුලක්

PropellerAds

ගිය අවුරුද්දට ගෙවන සල්ලි මදි සංචාරවලදී ක්‍රීඩක බිරියන්ට බිස්නස් ක්ලාස් ටිකට් නෑ දරුවන් රැගෙන යාම බෑ ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අස්ස...

හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ
උසස් පෙළ ප්‍රතිඵල පිටවෙයි - දිවයිනේ මුල් ස්ථාන හිමිකරගත් හපන්නු මෙන්න
චීනයේ සිට එංගලන්තය දක්වා දින 18 ක් ගමනේ යන දුම්රිය සේවාවක්

ගිය අවුරුද්දට ගෙවන සල්ලි මදි
සංචාරවලදී ක්‍රීඩක බිරියන්ට බිස්නස් ක්ලාස් ටිකට් නෑ
දරුවන් රැගෙන යාම බෑ
ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ අවුලක්



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් අතර නව වාර්ෂික කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ කටයුතු දිනෙන් දින කල්යෑමේ ලකුණු පහළ වී ඇති අතර ඊට ප්‍රධානම හේතුව පසුගිය වසරට සාපේක්‍ෂව මෙවර ගිවිස ගැනීමට නියමිත කොන්ත්‍රාත්තු මුදල අඩුකර ඇති නිසා බවද වාර්තා වේ.
මෙකී සංචිතයේ ක්‍රීඩකයන් 30 දෙනා කාණ්ඩ 5ක් යටතේ වර්ගීකරණ කොට
ඇති අතර පළමු කාණ්ඩයට අයත් ක්‍රීඩකයන්ට ඇමෙරිකානු ඩොලර් 125,000ක වාර්ෂික කොන්ත්‍රාත්තු මුදලක් ගෙවීමට අදාළ ගිවිසුම් කෙටුම්පත් කර ඇතැයි දැනගන්නට ඇත. මෙය පෙර වසරට වඩා ඩොලර් 40,000ක පමණ අඩුවීමකි. මේ අයුරින්ම අඩුවීම් සහිතව ඉතිරි කාණ්ඩ 4 යටතේ පිළිවෙළින් ඩොලර් 80,000 සිට 20,000 දක්වා වාර්ෂික

කොන්ත්‍රාත්තු මුදල් ගෙවීමට යෝජිතව ඇතත් මෙසේ කොන්ත්‍රාත්තු මුදල් අඩුකිරීම සම්බන්ධව ක්‍රීඩකයන්ගේ දැඩි විරෝධය පළවී ඇති බවද වාර්තා වේ.
නමුත් ක්‍රීඩකයකු පෙන්වන දක්‍ෂතා මත විශේෂ දීමනා ගෙවීමේ ක්‍රමයක් නව ගිවිසුම් මඟින් හඳුන්වා දී ඇති අතර මෙවර ක්‍රීඩකයන් කාණ්ඩ 5 යටතේ නම්කර ඇති ආකාරයටද විරෝධතා මතුවී ඇතැයි පැවැසේ.

දැනගන්නට ඇති පරිදි ඉහළම කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා රංගන හේරත් යන තිදෙනා පමණි. ඔවුන් තිදෙනා ඊයේ සවස ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා සමඟ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. තවද නව කොන්ත්‍රාත්තුවලට ඇතුළත් කාරණා අතර ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍රයක් ක්‍රීඩකයකුගේ බිරියට නොමිලේම හිමිවීමේ පෙර තිබූ වරප්‍රසාදය මෙවර අහෝසි කර ඇත. එසේම සංචාරය අතරතුර තම දරුවන් රැගෙන යෑමට තිබූ අවස්ථාවද ඉවත් කර ඇති බව පැවැසේ.
එහෙත් ක්‍රීඩකයාගේ පවුලේ සාමාජිකයන්ට වසරට එක් වරක් ආසියානු සංචාරයක් සඳහා නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර හිමිවෙයි.
එළැඹෙන සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අඟහරුවාදා (25දා) පිටත්ව යෑමට නියමිත බැවින් අදාළ ක්‍රීඩකයන් ලබන ඉරිදාට (23දාට) පෙර කොන්ත්‍රාත්තු අස්සන් කළ යුතු බවට තීරණය වී ඇතැයිද දැනගන්නට ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාතික ක්‍රිකට් සංචිතයට අදාළ ක්‍රීඩකයන් තිස් දෙනා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (20දා) පැවැත්වීමට නියමිත බවද පැවැසේ.

සිරිනාම රාජපක්‍ෂ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සල්ලි වරප්‍රසාද මදි කියා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ අවුලක්
සල්ලි වරප්‍රසාද මදි කියා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ අවුලක්
http://ift.tt/2ejIWpF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_825.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_825.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy