මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි නිවසක කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි. අද (22) උදෑසන 9.15 ට ප...
මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි නිවසක කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.
අද (22) උදෑසන 9.15 ට පමණ නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවක එම නිවසේ ඉහළ මහලේ කාමරයක මෙම කාන්තාව ගෙලවැළලාගෙන මියගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මීට මාස තුනකට ප්‍රථම විවාහ වී මෙම නිවසට පැමිණ ඇති රවින්ද්‍රන් ගෞතමී නමැති වයස අවුරුදු 28ක කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මස්කෙළිය පොලීසිය විසින් සිදුකරයි.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS