දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැය ගැන මුදල් ඇමතිගෙන් ඉඟියක්
Homeප්‍රවෘත්ති

අයවැය ගැන මුදල් ඇමතිගෙන් ඉඟියක්

PropellerAds

රටේ සමස්ත ජනතාවට අවශ්‍ය හා ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන අය වැයක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි. අයවැය ...

ගෝඨාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පූර්ණ අනුමැතිය
නාම යෝජනා බාරදීමට අපේක්ෂකයින් 38 ක් පැමිණෙයි - ගෝඨා,සජිත්,අනුර ඇතුළු අපේක්ෂකයින් නාම යෝජනා බාර දෙයි
කතෝලික පල්ලිවලට පහර දීමේ සැලැස්මක්.. පෙරහැර උත්සව නවතන්න - අගරදගුරු සියළු පල්ලිවලට දන්වයි
අයවැය ගැන මුදල් ඇමතිගෙන් ඉඟියක්

රටේ සමස්ත ජනතාවට අවශ්‍ය හා ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන අය වැයක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

අයවැය පිළිබද ජනතා අදහස් ලබා ගැනිමේ  06වැනි වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.ගාල්ල දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ දි ඊයේ (29) පැවැත්විණි.

එහිදි ඇමතිවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කිවේය.

“අපි  රටේ ලොකුවෙනසක් ඇති කරලා තියෙනවා. අපේ වැඩ තියෙනවා ලොකු ශබ්දයක් නැතිව. ජනවාරි 08 වැනිදා රටේ ජනතාව යම් විශ්වාසයකින් අපට රට භාර දුන්නා. අපි අනිවාර්යෙන්ම ඒ ගරුත්වය රැකගෙන ජනතාවට ප්‍රතිලාභ දෙන්න කටයුතු කරණවා. මේ අයවැය තුලින්  ඒ ප්‍රතිලාභයන් ලබා දිමට කටයුතු කරණවා. කොළඹ ඉදලා සකස් කරන අයවැයක් අපට අවශ්‍ය නැහැ. අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් උපදෙස් දිලා තියෙන්නේ අපේ මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරලා. එම ප්‍රදේශවලට ගොස් ජනතා අදහස් ලබාගෙන එවැනි අයවැයක් ඉදිරිපත් කරන්න කියලා. ජනතාව විසින් අහපු ප්‍රශ්නවලට පිළිතුරු තවදින 11කින් ලැබේවි.

“අපට අවශ්‍ය වුනේ ජනතාවත් සමග බද්ධවෙලා ඔවුන්ගේ ප්‍රශ්න මොනවාද? කොහොමද? කොයි අයුරින්ද මේ අයවැයට ඉදිරිපත් කරන්නේ කියලා. රටේ සමස්ත ජනතාවට අවශ්‍ය අයවැයක් ඉදිරිපත් කිරිමට තමයි අපට අවශ්‍ය වන්නේ. මෙතන අහපු ප්‍රශ්න වලින් ප්‍රශ්න 15ක් පමණ සෘජුවම අයවැයට සම්බන්දයි. ජනතාවගේ ප්‍රශ්න යෝජනා අපේ අයවැය හදන අයුරින් සමගාමිව යනවා. තව දින 11කින් ඉදිරිපත්වන අයවැය මගින් ජනතාවගේ සිතුම් පැතැම් ඉටුවෙන ඇති බවට මා ප්‍රර්ථනා කරණවා. හැම ප්‍රශ්නයකට උත්තරයක් දැන් නැතිවුනත්  ඒ ප්‍රශ්න නිරාකරණය කරගෙන ගිහින් ඒ ප්‍රශ්නවලට උත්තරයක් ලබා දෙන එක තමයි අපේ වගකිම.

වැවිලි කර්මාන්තයට අවශ්‍ය සියලුම මුදල් ලබා දිලා තියෙනවා. යම් අයට ලැබිලා තියෙනවා කියනවා. යම් පිරිසකට ලැබිලා නැහැ කියනවා. ඒ නිසා තමයි අලුත් ක්‍රමය අනුව ලැබියයුතු කෙනාටම සෘජුවම ලබාදෙන්න කටයුතු කරන්නේ. අතරමැදියන් ආවිට යම් දුෂණයක්ද සිදුවෙනවා.“ යැයිද ඇමතිවරයා කිවේය.

 

ගාල්ල ලලිත් චාමින්ද

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැය ගැන මුදල් ඇමතිගෙන් ඉඟියක්
අයවැය ගැන මුදල් ඇමතිගෙන් ඉඟියක්
http://ift.tt/2eaIes0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_660.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_660.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy