දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාලේගොඩ සර් පාසලේදී මාව බදාගත්තා -මහානාම ගුරුවරිය කථාකරයි
Homeගොසිප්

මාලේගොඩ සර් පාසලේදී මාව බදාගත්තා -මහානාම ගුරුවරිය කථාකරයි

PropellerAds

විදුහල්පතිට හිතවත් මාලේගොඩ සර් පාසලේදී මාව බදාගත්තා මීඩියා වලට කිව්ව කියල මාව අස්කළා -මහානාම ගුරුවරිය කථාකරයි පසුගියදා ලැබුණ නඩු තී...

අවිස්සාවේල්ල රෝහලේ 13 හැවිරිදි ගැබිණි දැරියකට දරු ප්‍රසූතියක්
උමා ඔය හර්තාල්කරුවෝ නිසා කොළඹ බදුල්ල, බණ්ඩාරවෙල වැලිමඩ මාර්ග නවතී
‘අපේ මරණ ඔයා දකීවී‘ කඹුරුපිටියේ මරණ සිදුවන්නට පෙර වැඩිමල් පුතුට දන්වලා


විදුහල්පතිට හිතවත් මාලේගොඩ සර්
පාසලේදී මාව බදාගත්තා

මීඩියා වලට කිව්ව කියල මාව අස්කළා
-මහානාම ගුරුවරිය කථාකරයි


පසුගියදා ලැබුණ නඩු තීන්දුවකින් මහානාම විදුහලේ මින් ටික කලකට පෙර සේවය කරන ලද විදුහල්පති හා ඔහුට හිතවත් ගුරුවරයෙකු එම විදුහලේම සංගීත ගුරුවරියකට පාසලේ සංගීත කාමරයේදී බලහත්කාරකම් කිරීමේ චෝදනාවකට වරදකරුවන් වුණා. පාසල් ඇතුළු බොහෝ ආයතනවල මේ ආකාර සිද්ධි නිතර වාර්තා වුණත් බලය හා දේශපාලනය ගෑවුණ එවැනි පිරිසට එරෙහිවී වරදට දඬුවම් ලබාදෙන්නට තරම් සටන් වදින කාන්තාවන් විරලය.
මහානාම විදුහලේ සේවය කළ එම ගුරුවරිය මෙවර සතිඅන්ත පුවත්පතකට සිය අභීත ක්‍රියාවලිය විස්තර කර තිබෙන්නේ තවත් අයට හොඳ ආදර්ශයකස් සපයමිනි.
කුරුණෑගල, නිකවැරටිය ගමින් පැමිණි සමන්ති මනෝහාරි පෙලකැටිය නමැති මෙම උපාධිධාරි ගුරුවරිය අවිවාහකය. ඇය ගුරු සේවයට
එකතු වෙන්නේ 1999දීය. මුලින්ම සේවය කරන්නේ පොළොන්නරුවේය.ඊට පසුව අනුරාධපුරයේ පාසලක සේවය කරන ඇය මොරටුව වේල්ස් කුමරි විදුහලට මාරුවක් ලබා පසුව 2007දී මහානාම විදුහලේ පත්වීම භාරගෙන තිබේ.
ඇය කතාව ඇරඹුවේ පත්වීම ලැබෙන කාලයේ සිටම කාන්තා පීඩනයට ලක්වූ අයුරු විස්තර කරමිනි.

• නඩුවට අදාළ සිදුවීම ආරම්භ වෙන්නේ කොහොමද?
මහානාම විදුහලේ සේවය කරපු ගුරුවරියක් විදේශගත වීම නිසා පුරප්පාඩුවක් ඇතිවෙනවා. මං ඒ පුරප්පාඩුවට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරනවා. විදුහල්පතිතුමාට ඒ අයදුම්පත්‍රය දුන්නාට පසුව එහි තිබූ මගේ දුරකතන අංකය ලබාගෙන මහානාම විදුහල්පතිවරයාව සිටි ප්‍රේමලාල් කුමාරසිරි මට නිතරම කතා කරන්න ගත්තා. ඔයාගෙ හිනාවට කැමැතියි. වැනි දේවල් කියමින් මට පීඩා කරන්න ගත්තා. ඔහු හොඳ කෙනකු විදියට එළියෙ ඉන්න කවුරුත් පිළිඅරගෙන තිබුණේ. ඒ නිසා මට ඔහුට විරුද්ධව කෙළින් කටයුතු කරන්න අමාරු වුණා. මේ අතර 2007 ජූලි මාසයේ මට මහානාමයට මාරුව ලැබුණා. අගෝස්තු 7දා මම වැඩ භාර ගත්තේ.

• වැඩ භාරගත්තට පස්සේ මොකද වුණේ?
මං විදුහල්පතිවරයා සමඟ ගැටෙන්නෙ නැතිව මගේ පාඩුවේ වැඩ කරගෙන ගියා. නමුත් ඔහුගේ යෝජනාවට කැමැති වුණේ නැති නිසා විදුහල්පති මට සුපිරි විදියටම අරියාදු කළා. සංගීත ගුරුවරියක් වුණාට මං උපාධිධාරිනියක්. ඒත් මට දුන්නේ 5-6 පන්තිවලට උගන්වන්න විතරයි. මට වැටුප් වර්ධක දුන්නෙත් නැහැ.


• ඊට පස්සේ මොකද වුණේ?
පාසලේ බොහෝ දූෂණ වංචා සිදුවුණා. මට ඒවාත් ආරංචි වෙමින් තිබුණා. ඒ වගේම නඩුවේ අනෙක් විත්තිකරු වූ තුසිත තිළිණ මාලේගොඩ නම් ගුරුවරයා විදුහල්පතිවරයා සමඟ ළඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා. ඔවුන් දෙදෙනා එකතුවී ගුරුවරියන්ට නොයෙක් අරියාදු කළා. ඒ නිසා සමහරු රැකියාව දාලා ගියා. ඒ වගේම පාසලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා එන අම්මලාගෙන්ද අයුතු ප්‍රයෝජන ගත්තා. මේ ගැන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කරලා තිබුණා. පාසලේම හිටපු ගුරුවරියක් හා ආදි ශිෂ්‍ය සංගමයේ කෙනකුගේ පැමිණිල්ලක් මත තමයි මේ විමර්ශන ආරම්භ කරලා තිබුණේ.

• ඔබට අදාළව සිදුවූ සිදුවීම මොකක්ද?
2011 මාර්තු 28 මාලේගොඩ මාව බලෙන් වැලඳගත්තා. නමුත් විදුහල්පති නිසා මාලෙගොඩට විරුද්ධව දෙයක් කරන්න විදියක් නැහැ. නමුත් මා මේ සිදුවීම විනය භාර ගුරුතුමාට කිව්වා. ඔහු ඒ වෙලාවේ පිට හිටියේ. දැන් මොනවත් කරන්න යන්න එපා ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා ඔහු ඇවිත් මොනව හරි කරන්නම් කිව්වා. ඊළඟ දවසේ පාසලට ගියාම ඒ ගැන පැතිරිලා තිබුණා. හැමෝම වගේ කිව්වේ පොලිසි යන්න එපා මේ සිද්ධිය එළියට දාන්න එපා කියලයි.

• ඊට පස්සේ මොකද වුණේ?
කවුරු හරි නිර්නාමිකව මේ සිද්ධිය පොලිසියට දැනුම්දීලා තියෙනවා. අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ පොලිසිය මේ ගැන මගෙන් ප්‍රශ්න කළා. මං පැමිණිලි කරලා නැති නිසා පිළිතුරු දෙන්න බැහැ කියලා කිව්වා. මට ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ පැමිණිල්ලට ආවේ කාන්තා කාර්යාංශයයි. ඒ අය කිව්වා විදුහල්පතිටයි මේ ගුරුවරයාටයි විරුද්ධව වෙනත් අයගේ පැමිණිලි තියෙනවා කියලා. ඊට පසුව මං මට වූ සිද්ධිය ගැන ඇත්ත කිව්වා. ඒත් මං පොලිසියෙන් ඉල්ලුවා එහෙම සිදුවීමක් වුණේ නැහැ කියලා මං කිව්වා කියලා කියන්න කියලා.
නමුත් ඊට පසුව මට දිගට හරහට අරියාදු කරන්න ගත්තා. මං බොරු කියන බව කිව්වා. මගේ චරිතය ඝාතනය කළා. 2011 මැයිවලදී පීඩනය ඉවසන්න බැරි තැන මං පොලිසියට පැමිණිලි කළා.
ඒ වෙනකොටත් අර කලින් පැමිණිලි විමර්ශනය වෙනවා. සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වුණත් විදුහල්පති ඊට බාධා කළා. අමාත්‍යාංශයේ විමර්ශන අවසන් වුණත් විමර්ශන වාර්තාව එළියට දුන්නේ නැහැ. අමාත්‍යාංශ ලේකම්තුමා කිව්වා කරන්න දෙයක් නැහැ, එවකට සිටි ඇමැතිවරයා තමයි වාර්තාව එළියට දාන්න දෙන්නෙ නැත්තෙ කියලා.
වෙන කරන්න දෙයක් නැති නිසා තමයි ගුරු සංගමය එක්ක එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යයට කරුණු කිව්වේ. 2011 නොවැම්බර් 27 සිරස විමර්ශන වැඩසටහනේදී එය විකාශය වුණා. පසුවැනිදා 28දා මට විරුද්ධව මේ කට්ටිය පෙත්සම් ගැහුවා ආයතන සංග්‍රහය කඩ කළා කියලා. තෑගි උත්සවයට ආපු බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාත් සාරධර්ම ගැන කතා කළා.


• ඔබ වැඩ තහනමට ලක් වෙන්නේ?
2012 පෙබරවාරි 1දා මාව වැඩ තහනමට ලක් කළා. මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදීම ආයතන සංග්‍රහයට පටහැනියි කියලයි වැඩ තහනම් කළේ. මං ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සමඟ කතාකරලා නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා මඟින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.
එම නඩුව ඇසූ දවසේම 2012 මැයි මාසයේදී අතුරු තහනම් නියෝගයක් මඟින් මාගේ වැඩ තහනම අත්හිටුවනු ලැබුවා. ඒ නිසා මට නැවත මහානාමයේ සේවයට යෑමට ලැබුණා. මට මාස තුනක්වත් වැඩතහනමට ලක්ව ඉන්න සිදුවුණේ නැහැ.

• විදුහල්පතිවරයාට මොකද වුණේ?
අමාත්‍යාංශයේ විමර්ශන වාර්තාව අනුව විදුහල්පතිව අනිවාර්ය විශ්‍රාම ඇරියා.

• අර ඔබට බලහත්කාරකම් කරපු ගුරුවරයා?
ඒ ගුරුවරයා තුසිත තිළිණ මාලේගොඩ තවමත් ලුම්බිණි විද්‍යාලයේ වැඩ කරනවා. පුදුමේ කියන්නේ ඔහුව මේ වන විට මහාධිකරණයෙනුත්, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දුන් තීන්දුවෙනුත් වැරැදිකරුවකු කර තියෙද්දීත් ඔහු තාමත් ලුම්බිණි විදුහලේ උගන්වනවා. 29 වැනිදාත් ඔහු එහි සේවයට පැමිණ තිබුණ

• මහාධිකරණයේ නඩුව මොකක්ද?මගේ පැමිණිල්ලට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පොලිසිය නඩු දැම්මා මාලේගොඩට විරුද්ධව. මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මාලේගොඩ නිදහස් කෙරුණා. මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවට විරුද්ධව මං මහාධිකරණයට ඇපිල් කළා. එහිදී මාලේගොඩ වැරැදිකරු බවට තීරණයක් ලැබුණා.

• ඔබගේ දැන් තීරණය කුමක්ද? තවත් කලක් මහානාම විදුහලේ සේවය කරනවාද?
මං අදත් විදුහල්පතිතුමා සමඟ කතා කළා. මාරුවක් ගන්න. මං හිතුවේ මගේ මවුපියන්ගේ ගම වන ගාල්ලට මාරුවක් ගන්නයි.

• ගුරු වෘත්තිය ගැන දැන් හිතෙන්නේ මොකක්ද?
ගුරු වෘත්තිය ගැන කලකිරීමක් තමයි තියෙන්නේ. ගුරු වෘත්තියට එන බොහෝ කාන්තාවන් පිරිමි විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ අතවරයන්ට හා හිංසාවට බඳුන් වෙනවා. ඒවා කියන්න හෝ ඒවට විරුද්ධ වෙන්න හෝ ඒවාට නීතිමය කටයුතු කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

• ඔබගේ නඩුවේ තීන්දුව ගැන මොකද හිතෙන්නේ?
නඩු තීන්දුව ගැන සතුටුයි. අන්තිමේදී යුක්තිය ඉෂ්ට වුණා. කොහොම වුණත් මට රුපියල් ලක්‍ෂ පහක් පමණ වියදම් වුණා මේ විදියට නීතිමය කටයුතු කරන්න. ඒ සඳහා වියදම් වූ සල්ලි ගැන මං හිතන්නේ නැහැ. ඔවුන් මට හිරිහැර කළා. පීඩා කළා. මට මඩ ගැහුවා. චරිතය ඝාතනය කළා. එයාලගේ හිංසා පීඩා නිසා මං ශාරීරිකව හා මානසිකව නොයෙක් පීඩා වින්දා. අවසානයේදී ලැබුණු මේ අධිකරණ තීන්දුව නිසා මං ගොඩක් සතුටු වුණා. මෙය පීඩා විඳින අනෙක් කාන්තාවන්ටත් ශක්තියක් වේවි.

සටහන - රු කාරියවසම් (මව්බිම)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලේගොඩ සර් පාසලේදී මාව බදාගත්තා -මහානාම ගුරුවරිය කථාකරයි
මාලේගොඩ සර් පාසලේදී මාව බදාගත්තා -මහානාම ගුරුවරිය කථාකරයි
http://ift.tt/2cJMiAI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy