දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘අපේ මරණ ඔයා දකීවී‘ කඹුරුපිටියේ මරණ සිදුවන්නට පෙර වැඩිමල් පුතුට දන්වලා
Homeගොසිප්

‘අපේ මරණ ඔයා දකීවී‘ කඹුරුපිටියේ මරණ සිදුවන්නට පෙර වැඩිමල් පුතුට දන්වලා

PropellerAds

‘අපේ මරණ ඔයා දකීවී‘ කඹුරුපිටියේ මරණ සිදුවන්නට පෙර වැඩිමල් පුතුට දන්වලා -UPDATES පසුගියදා කඹුරුපිටිය ප්‍රදේශයම කම්පාවට පත් කරමින් පියෙක...

මහනුවර හන්තානේ සාපෙළ සිසුවියන්ට බලහත්කාරකම් කළ කතාව - Updates
Derana Star City 2016 -Finale
ආසම දේ අහලා හදපු උපන්දින කේක්

‘අපේ මරණ ඔයා දකීවී‘
කඹුරුපිටියේ මරණ සිදුවන්නට පෙර
වැඩිමල් පුතුට දන්වලා -UPDATES


පසුගියදා කඹුරුපිටිය ප්‍රදේශයම කම්පාවට පත් කරමින් පියෙකු හා දරු තිදෙනෙකු එල්ලී දිවිනසාගත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියට එම මරණ සියල්ල ස්වකැමැත්තෙන් සිදු කරගත් ඒවා බවට සඳහන් වන ලියැවිලි හා සාක්ෂි මේවනවිට ලැබී තිබේ.
කඹුරුපිටියේ බෙරලිඅතුර ප්‍රදේශයේ
දුගී පවුලක පියෙකු දියණියන් දෙදෙනෙකු හා පුතෙකු මෙලෙස දිවි හානි කරගෙන තිබුණි. බාල පුතු සාමණේර නමක් වූ අතර එම පවුලේ තවත් භික්ෂු ශාසනයට ඇතුළුවූ වැඩිමල් පුතෙකුද සිට ඇත.
අනියම් ඇසුරක් පිළිබඳ පවුලේ ඇතිවූ ආරවුලකින් පසු බිරිය සැමියා හා දරුවන් හැරගොස් තිබෙන්නේ මීට මාසයකට පෙරදීය. එයින් පසු දියණියන් දෙදෙනාගේ වැඩ හා නිවසේ කළමනාකරණය පියාට පැවරුණත් ඔහුට එය දුෂ්කර වී තිබේ.
හරිහමන් ආදායමක්ද නැතිවූ ඔවුන් පසුගිය දිනවල ආහාර නැතිව සිට ඇති බවද වාර්තා විය.
මේ අතරවාරයේ සඟ සසුනට පූජා කර තිබුණ බාල පුතු එම නිවසට පැමිණ ඇත්තේ සිද්ධියට දින කිහිපයකට පෙරය.

“අපිට පාසල් යන්න විදියක් නැහැ. මිනිස්සු එක එක කතා කියනවා. තාත්තා කෑවේ බිව්වෙත් නැහැ. පොඩි සාදු ගෙදර ආවා. තාත්ත ගත්ත තීරණයට අපි කැමැති වුණා.අපි තුන්දෙනාගේ මරණය ඔයා දකීවී”
යනුවෙන් එක් සොයුරියක් තම වැඩිමල් හාමුදුරු සොයුරාට මෙම මරණයට පෙර ලියා තැබූ සටහනක් පොලිසියට හමුවිය.

පැවිදි දිවියට ඇතුළත් වී රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක රන්සෑගොඩ සුදත්ත නමින් වැඩවසන එම වැඩමල් දරුවාවූ හිමි නම සිද්ධිය ආරංචිවී කම්පාවෙන් එම නිවසට වැඩම කළ පසුව ලබාදුන් සාක්ෂි අනුව සියදිවි හානිකර ගැනීමට පෙර එක්  සොයුරියක තමාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සියලු දෙනාම සියදිවි හානිකර ගන්නා බව දන්වා සිටි බවත් තමා එක්වරම විශ්වාස නොකළ බවත් දන්වා ඇත.

අවසන් වරට දුන් ඇමතුමේදී පියා විසින් සහෝදරයන්ගේ දෑත් ගැටගසන බවත් තව ටිකකින් සියලුදෙනාම සිය දිවි හානිකර ගනු ඇති බවද පවසා ඇති අතර එම අවස්ථාවේ හිමියන් කලබලවී තිබේ.
ගිනිගත් නිවස අසළ වත්තේ එල්ලෙමින් මළ සිරුරු තිබී හමුවීමෙන් පසු ඒ අසළ තවත් ගසක රඳවන ලද ලිපි ලේඛන සහිත බෑගයක මෙම ලියුම් තිබී ඇත.

දරුවන් තිදෙනා විසින් ලියන ලද ලිපි කඹුරුපිටිය පොලීසියට ඊයේ (27දා) හමුවූ අතර සැකසහිත කාරණාව වන්නේ මෙම මරණ කල් තියා සැලසුම් කර ඇති සෙයක් දිස්වූ නිසාය. එම ලිපි ඉකුත් 18 වැනිදා දාතමින් ලියා ඇති අතර දිනය වරද්දාගත්තාද නැතිනම් කල් ඇතිව ලිවුවාදැයි පැහැදිලිවී නැත.

මියගිය පියා ලියන ලද තම දේහය බිරියට පේනවීමට එපා යැයි කියා මුද්දරයක් උඩ අස්සන් කළ ලිපියක්ද පොලීසියට හමුවී ඇත.

මෙම පවුලම සිද්ධිය නිසා විනාශ වූ අතර ඉතිරිවූයේ හැරගිය මව හා 19 හැවිරිදි වැඩිමහල් දරුවා පමණි.
රන්සෑගොඩ මංගල නම්වූ 14 හැවිරිදි අනෙක් හිමිනම සහ 16 හැවිරිදි කෞෂල්‍යා සෙව්වන්දි, 10 හැවිරිදි හිරුණි සෙව්වන්දිකා යන දරුවන් තිදෙනා  හා 44 හැවිරිදි පතිරණගේ ප්‍රියන්ත නම්වූ පියාසියදිවි හානිකරගෙන ඇත.

දරුවන් තිදෙනාගේ දෑත් පිටුපසට කර බැද තිබී ඇති බව පොලීසිය කියයි. ඔවුන් පුටුවක් මත සිට ඇති බවත් පියා විසින් ඔවුන්ව තොණ්ඩුව දමා අවසානයේ පුටුව වට්ටවා ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. පියා ගසකට නැගී ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගෙන ඇත්තේ අවසානයට විය හැකි බව පෙනී ගොස් ඇත.

බෙරලිඅතුර ප්‍රදේශයේ නිවෙසක් ගිනි ගන්නා බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පෙරේදා (26දා) රාත්‍රී 9.45ට පමණ ලද දුරකථන ඇමතුමකට අනුව කඹුරුපිටිය පොලීසිය එහි ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මරණ දැක තිබුණි.






Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29383,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘අපේ මරණ ඔයා දකීවී‘ කඹුරුපිටියේ මරණ සිදුවන්නට පෙර වැඩිමල් පුතුට දන්වලා
‘අපේ මරණ ඔයා දකීවී‘ කඹුරුපිටියේ මරණ සිදුවන්නට පෙර වැඩිමල් පුතුට දන්වලා
http://ift.tt/2sggkUa
https://i.ytimg.com/vi/KamBEj-H-yw/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_854.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_854.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy