අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳ තීන්දුව ජනාධිපති මෛත...
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳ තීන්දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ(17) දිනයේ ජනාධිපතිවරයා වෙත යොමුකරනු ලැබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශගතව සිටින නිසා ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ මෙම ලිපිය බාරගෙන තිබෙන බවද වාර්තා වේ.
විදෙස්ගතව සිටි ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි අතර අදාළ ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපතිවරයාගේ තීරණය අද(19) දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා මේවන විටත් කරුණු විමර්ශනය කර ඇති බවත්ය.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ පුරප්පාඩුවට ජනාධිපතිවරයාට ඉතා විශ්වාසවන්ත ප්‍රබල නීතිඥවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.
COMMENTS