දේශපාලනඥයක් ගැන සමාජයේ හැදිලා තිබුණු හොද ප්‍රතිරූපය අද බිද වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි. ඔහු මේ අදහස් පළ කළේ ...
දේශපාලනඥයක් ගැන සමාජයේ හැදිලා තිබුණු හොද ප්‍රතිරූපය අද බිද වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ කොළොන්නාව සෙනෙවිරත්නාරාම විහාරස්ථානයේ ප්‍රයෝජනය උදෙසා භාණ්ඩ පරිත්‍යාග කිරීමේ උත්සවයකදීය.
අද දේශපාලනඥයෙක් කිව්වාම සමාජයේ හැදිලා තියෙන ප්‍රතිරූපය තමයි. දේශපාලනඥයො ඉන්නේ හොරකම් කරන්න, මිනීමරන්න, කුඩු විකුණන්න මෙන්ම දේශපානයට එන්නේ මැට්ටෝ මෝඩයෝ කියලා. හැබැයි ජන සමාජය තුළ මේ ලෙස පවතින දේශාපාලනඥයාගේ වැරදි ප්‍රතිරූපය නිවැරදි කිරීමේ වගකීම තියෙන්නෙත් දේශපාලනඥයින්ටයි. මෙලෙස ප්‍රතිරූපයක් හැදෙන්න හේතුව තමයි සමහර දේශපාලනඥයින් තමන්ගේ ප්‍රතිරූපය සදහා අනික් දේශපාලනයේ යෙදෙන අයගේ ප්‍රතිරූප කෙලෙසීම. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඇති තරම් ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා. බුද්ධිමත් මිනිස්සු ඉන්නවා , උවමනාව කැක්කුම තියෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා සියළුම මන්ත්‍රීවරුන්ට දැන් අතීතයෙන් ආදර්ශ අරගෙන. ඒ කාලේ වගේ රටට වැඩ කරන, රටට ආදරේ ලෙස දේශපාලන කටයුතු කරලා. මේ රට ගොඩ නගන්න සැබෑ දේශපාලනඥයින්ට වගකීමක් තියෙනවා.
විශේෂයෙන්ම මාගේ මැදිමත් වීමෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා 9 වසර දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දහම් පාසල් අධ්‍යාපනය ආගමික අධ්‍යාපනය ඉරිදා උදේ අනිවාර්ය කරලා ටියුෂන් පන්ති තහනම් කරන්න කියලා. මං හිතන්නේ විනයක් ඇති සමාජයක් නිර්මාණය කරලා රටට වැඩදායී පුරවැසියන් බිහිකරන වැඩපිළිවෙකට මේක ආදර්ශයක් වෙයි. මහානායක ස්වාමීන්වහන්සේලාගේ ඇතුළු අනෙකුත් සියළු ආගම් වලින්ද සහයෝගය අරගෙන සියළු දේශපාලනඥයින් මේ යෝජනාවට සහයෝගය දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.ඒක ඉතාමත් හොද අවස්ථාවක් දේශපාලනඥයා සම්බන්ධව තියෙන ප්‍රතිරූපය ජනතාව තුළ ඉතා ඉහළ මට්ටමකට ගේන්න.
COMMENTS