දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂ, ඔබේ ‘පොහොට්ටුවෙන්’ පිපෙනු ඇත්තේ ඊලාමයක්ය
Homeදේශපාලන

රාජපක්ෂ, ඔබේ ‘පොහොට්ටුවෙන්’ පිපෙනු ඇත්තේ ඊලාමයක්ය

PropellerAds

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ මැතිවරණයේදී සියයට 44.69 ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය සියයට 32.61 ක් ලබා ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය...

රොමාලි කෝ...?- පළමු කොටස
මරණය
මිලියන 185 ක වියදමින් නව පිළිකා සහ ශ්‍රවණාබාධ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
රාජපක්ෂ, ඔබේ ‘පොහොට්ටුවෙන්’ පිපෙනු ඇත්තේ ඊලාමයක්ය
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ මැතිවරණයේදී සියයට 44.69 ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය සියයට 32.61 ක් ලබා ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 8.90 ක් ලබා ගත්තා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සියයට 4.48 ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පාර්ශ්ව තුන එකට එකතු කළොත්, ඔවුන්ට ලැබිලා තියෙනවා සියයට 45.99 ක්. ඒ කියන්නේ, සියයට 46 ක්.
 
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අරගෙන තියෙන්නේ සියයට 44.69 යි. ඒ කියන්නේ, ඉහත කී පක්ෂ තුනේ එකතුවට වඩා සියයට 2 ට ආසන්න අඩු ඡන්ද ප‍්‍රතිශතයක්.
 
ජනතා විමුක්ති පෙරමුණ අරගෙන තියෙනවා සියයට 6.26 ක්. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය අරගෙන තියෙනවා සියයට 3.06 ක්. මේ පක්ෂ දෙකේ ඡන්ද ප‍්‍රතිශතයත්, ඉහත කී පක්ෂ තුනේ, එනම්, එක්සත් ජාතික පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප‍්‍රමාණයට එකතු කළොත්, ඔවුන් ලබාගෙන ඇති මුළු ඡන්ද ප‍්‍රතිශතය සියයට 55.31 ක් වෙනවා. වෙනත් වචනවලින් කියනවා නම්, පොදුජන පෙරමුණට විරුද්ධ පක්ෂ අරගෙන තියෙන ඡන්ද ප‍්‍රතිශතය සියයට 55.31 ක් වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අරගෙන තියෙන ඡන්ද ප‍්‍රතිශතය සියයට 44.69 ක් පමණයි. මේක ගැන විවාදයක් නැහැ.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදි ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 47.58 යි. එදා ඔහු අරගෙන තිබුණු ඡන්ද ප‍්‍රමාණය අද අරගෙන තියෙන ඡන්ද ප‍්‍රමාණයට වැඩිය වැඩියි. මෑත කාලයේ මැතිවරණ තුනකේ තිබුණා: 2015 ජනවාරි ජනාධිපතිවරණය, 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය සහ මේ මාසයේ පවත්වපු පළාත් පාලන මැතිවරණය. මේ කිසි මැතිවරණයකින් රාජපක්ෂ මහත්මයාට පුළුවන් වෙලා නැහැ සියයට 50 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගන්න.
 
ජනාධිපතිවරණයේදී ඔහු ලැබූ ඡන්ද ප්‍රතිශතයත්, මහ මැතිවරණයේදී ඔහු ලැබූ ඡන්ද ප‍්‍රතිශතයත්, දැන් පළාත් පාලන මැතිවරණයේ දී ඔහු ලැබූ ඡන්ද ප‍්‍රතිශතයත් සියයට 50 ට වඩා අඩුයි. ඉතිං, මෙතන උඩ පනින්න කිසිම හේතුවක් නැහැ. මැතිවරණ පවත්වනවා. පක්ෂ ජයග‍්‍රහණය කරනවා. තව පක්ෂ පරාජය වෙනවා. පළාත් පාලන මැතිවරණයක් පැවැත්තුවා. ඔබ එ්කෙන් දින්නා. ඒක කවුරුවත් නැහැ කියන්නේ නැහැ. එ්ත් මගහැර යන්න බැරි කාරණය තමයි, ඔබ සියයට 44.69 ක් ගන්න කොට ඔබට විරුද්ධට සියයට 55.31 ක් ඡන්ද ප‍්‍රතිශතයක් පාවිච්චි වෙලා තියෙනවා කියන එක. ඉතිං මොකක්ද දැන් මේ උඩ පනින්න තියෙන හේතුව ? කිසි හේතුවක් නැහැ. 
 
පාර්ලිමේන්තුව හැදිලා තියෙන්නේ, පළාත් පාලන මැතිවරණයක පාවිච්චි වෙන ඡන්ද ප‍්‍රතිඵලයක් උඩ නෙවෙයි. පාර්ලිමේන්තුව හැදෙන්නේ, ජනාධිපතිවරයෙක් පත්කර ගන්නේ, රටේ ව්‍යවස්ථාවට සහ රටේ නීතියට අනුකුලව පාර්ලිමේන්තු මැතිවරණයකින් සහ ජනාධිපතිවරණයකින්. එ්ක නිසා, පළාත් පාලන මැතිවරණ ඡන්ද ප‍්‍රතිඵලයක් ඔබේ කැමැත්තට අනුව අර්ථ ගන්වලා, ඒක උඩ ඉඳං මේ රටේ ව්‍යවස්ථාවට සහ පවතින නීතියට වෙට්ටු දාන්න ඔබට පුළුවන් කමක් නැහැ.
 
මේ මැතිවරණයේදී ගෙන ගිය ප්‍රචාරණය ගැනත්, ගරු කතානාකයතුමනි, ඔබේ අවසරය ඇතිව, මං වචනයක් කියන්න ඕනේ. මෙතනදී ආන්දෝලනයක් කරන්න මට  ඕනේ නැහැ. ඒත් මං එක දෙයක් කියන්න  ඕනේ. මේ මැතිවරණ ව්‍යාපාරයේ මුල් කාලේ තිබිච්ච එක මහජන රැලියකදී, ඉදිරි මැතිවරණ ප‍්‍රතිඵලවලින් පස්සේ දෙමළ ඊලාමයක් පූදින්න ඉඩ තියෙනවා කියලා හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනකොට මං තක්බීරි වුණා. ඒකට ඔහු දීපු හේතුව තමයි, අලූතෙන් ඇති කර ගන්න යන ව්‍යවස්ථා තුළින් එහෙම දෙයක් වෙන්න පුළුවන් කියන එක.
 
ගරු කතානායකතුමනි, 1987-87 දී, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කර ගත්ත දා ඉඳං, මේ රටේ සෑම පුරවැසියෙකුටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඇති කර ගැනීම සඳහා ඒ 13 වැනි සංශෝධනය ඉදිරියට ගෙන යා යුතුයි කියන මතය, විවිධ ජනාධිපතිවරුන්ගේත්, විවිධ ආණ්ඩුවලත් මතය වෙලා තියෙනවා. ජනාධිපති ප්‍රේමදාසගේ කාලේ මංගල මුණසිංහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිහිටෙව්වා. ඒකෙන් ඉදිරිපත් කෙරුණු යෝජනා, 13 වැනි ව්‍යවස්ථාවෙන් හුඟාක් එහාට ගිය යෝජනාවල්. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ කාලේදී, ඒ කියන්නේ 2000 දී, මහාචාර්ය ජී.ඇල්. පීරිස් විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යෝජනා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හුඟාක් ඉදිරියට ගිය, අලූත් යෝජනාවලින් සමන්විත වුණා. මේක එදා පනතක් වශයෙන් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරුණා.
 
ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වුණා. ඉන් පස්සේ, සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේත්, විශේෂඥ කමිටුවේත් ආරම්භක රැස්වීමේදී එදා තමා කළ කතාව මහින්ද රාජපක්ෂට මතක නම්- හැකි පුළුල්ම මට්ටමින් බලතල බෙදා හැරිය යුතු බව එදා ඔහු කිව්වා. ඒ අනුව ඔහු විද්වත් කමිටුවක් පත්කළා. එ් කමිටුවේ වාර්තා ඉදිරිපත් වුණා. තිස්ස විතාරණගේ සභාපතිත්වයෙන් තවත් කමිටුවක් තිබුණා. ඒ කමිටුවෙන් ඉදිරිපත් කරපු වාර්තාවෙත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හුඟාක් ඉදිරියට යන යෝජනා අඩංගු වුණා. ඒක තමයි එදා තිබිච්ච තත්වය.
 
ඊට පස්සේ මේ වර්තමාන පාර්ලිමේන්තුවත් ව්‍යවස්ථා සභාවක් බවට පරිවර්තනය කෙරුණා. එහෙම කළේ මේ පාර්ලිමේන්තුවේ එ්කමතිකව ගත් තීන්දුවක් උඩ. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයත් එකඟ වුණා. ඔබලාගෙන් කිසි කෙනෙක් එදා ඒකට විරුද්ධ වුණේ නැහැ. පාර්ලිමේන්තු මෙහෙයුම් කාරක සභාවකුත් පත්කළා. ඒ මෙහෙයුම් කමිටුවේ ඔබ කවුරුත් වාඩි වුණා. කිසි කෙනෙක් එ්කට විරුද්ධ වුණේ නැහැ. එතකොට ඊලාමයක් ඇති වෙයි කියලා කවුරුවත් එ් මෙහෙයුම් කමිටුවේදී කිව්වේ නැහැ. ඔබ ඒක පිළිගත්තා. ඒ වගේම මෙහෙයුම් කමිටුවේ වැඩකටයුතු දිගටම කරගෙන ගියා. එහෙම තියෙද්දී රාජපක්ෂ මහත්තයා හිටිහැටියේ කියනවා, ‘මේ මැතිවරණයේදී පරිස්සමින් ඡන්දය පාවිච්චි නොකළොත් ඊලාමයක් පූදින්න පුළුවන්’ කියලා.
 
කතානායකතුමනි, මේ රටේ අහිංසක සිංහල ජනතාව අතරේ මේ කතාව මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ගෙනගිය බවට මගේ ළඟ තොරතුරු තියෙනවා. ‘මේක ඊලාමයක් සඳහා වන ජනමත විචාරණයක්. ආණ්ඩුවට හරි එක්සත් ජාතික පක්ෂයට හරි ඔබ ඡන්දය පාව්ච්චි කළොත් බිහි වෙන්නේ ඊලාමයක්. ඒක නිසා ඔවුන්ට ඡන්දය පාවිච්චි කරන්න එපා. පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්න’ කියලයි මේගොල්ලෝ කිව්වේ.
 
ගරු කතානායකතුමනි, දකුණේ හැම සිංහල ගම්මානයකම, හැම පන්සලකම මේ කතාව ඉතාම තදින් ගෙනියලා තියෙනවා. මේක හරි අවාසනාවන්ත තත්වයක් ගරු කතානායකතුමනි. මං මෙතනදී සඳහන් කරන්න ඕනේ- මගේ පක්ෂය අපේ මැතිවරණ ප‍්‍රකාශනය තුළ, දේශපාලන විසඳුමක් ගැන කතා කළා. ඒ, නොබෙදුණු, බෙදිය නොහැකි, තනි රටක රාමුව තුළයි. 
 
කොහොම වෙතත්, උතුරු නැගෙනහිර පළාත් දෙකේ රට බෙදීමක් පිළිබඳ ව්‍යාපාරයක් ගියේ නැහැ. අපි කතා කළේ, අපේ ජනතාවට පිළිගත හැකි, එක්සත්, නොබෙදුණු, බෙදිය නොහැකි තනි රටක් ඇතුළේ බලය බෙදාහදා ගැනීමක් ගැනයි. අන්න ඒකයි අපේ හැම පළාතකම අපි ගෙනගිය ව්‍යාපාරය වුණේ. අපි එහෙම කරද්දී හිටපු ජනාධිපති රාජපක්ෂ කොහොමද කියන්නේ, මේ මැතිවරණයෙන් පස්සේ ඊලාමයක් පූදින්න පුළුවන් කියලා ? මේක, දකුණේ ජීවත් වෙන අහිංසක සිංහලයන්ව රැවැට්ටීම සඳහා විතරක් නෙවෙයි, ඔහුත් ඇතුළුව රටේ හැම කෙනෙක්වම රවට්ටන්න කරන කතාවක්. මේ රටේ හැම කෙනෙකුටම දැනගන්න මං මේ කතාව අද කියලා තියන්න  ඕනේ. ඒ තමයි, හිටපු ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන යන මේ ප‍්‍රචාරය, දුෂ්ට, ද්වේෂ සහගත, කුරිරු සහ අසත්‍ය ප‍්‍රකාශයක් කියන එක. ඔබතුමන්ලා මේ ව්‍යාපෘතිය එක දිගටම ගෙන ගියොත්, ඊලාමයක් පූදීවි. හැබැයි එ් අපි නිසා නෙවෙයි, ඔබලාගේම ඔය ‘නෙළුම් පොහොට්ටුව’ නිසා. අන්න ඒකයි කවදා හරි වෙන්නේ. ඒක නිසා, කරුණාකරලා, බොරු ප‍්‍රචාර කරලා ලාබ දේශපාලනික වාසි ලබා ගන්න බලන එක නතර කර ගන්න කියලා මං ඉල්ලා සිටිනවා.
 
කතානායකතුමනි, ඔබට බොහොම ස්තුතියි.
 
පසුගියදා, ‘රාජපක්ෂ, ඔබේ පොහොට්ටුවෙන් පිපෙනු ඇත්තේ ඊලාමයක්’ මැයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්දන් පාර්ලිමේන්න්තුවේදී කළ කතාව සිංහල පරිවර්තනය කළේ යහපාලනය ලංකා අනුග්‍රහයෙනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29556,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂ, ඔබේ ‘පොහොට්ටුවෙන්’ පිපෙනු ඇත්තේ ඊලාමයක්ය
රාජපක්ෂ, ඔබේ ‘පොහොට්ටුවෙන්’ පිපෙනු ඇත්තේ ඊලාමයක්ය
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/022d0735bae9f2f655b30f0833e75ce4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_121.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_121.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy