දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර වංචාවේ කෝප් වාර්තාව ලබන සතියේදී ජනතාව අතට 
Homeප්‍රවෘත්ති

බැඳුම්කර වංචාවේ කෝප් වාර්තාව ලබන සතියේදී ජනතාව අතට 

PropellerAds

අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂය මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කෝප් තමිටු වාර්තාව යට ගැසුවොත් එය ලබන සතියේදී ජනතාව අතට පත් කිරීමට තම...

ඉන්දියාවේ සිට ගුවනින් එන නාවිකයන්ට මෙරටට ඇතුළු වීම තහනම් කරයි
සමරු ඵලකවලිනුත් මෛත්‍රීගේ මුහුණ ගලවයි !
ඉන්දියාවේ සිට ගුවනින් එන නාවිකයන්ට මෙරටට ඇතුළු වීම තහනම් කරයි
බැඳුම්කර වංචාවේ කෝප් වාර්තාව ලබන සතියේදී ජනතාව අතට 

අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂය මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කෝප් තමිටු වාර්තාව යට ගැසුවොත් එය ලබන සතියේදී ජනතාව අතට පත් කිරීමට තමන් කටයුතු කරන බව කෝප් කමිටු සාමාජික, වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඊයේ (26) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේ ද සඳහන් කළේය.

“25 වැනිදා ඉමහත් ආන්දෝලනයට ලක් වූ එමෙන්ම මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතළම වංචාව වන බැඳුම්කර වංචාවට අදාළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපට නොහැකි වුණා. කෝප් කමිටුව විසින් පරීක්‍ෂාවට භාජනය කරන ලද රාජ්‍ය ආයතන 19ක ගිණුම් වාර්තාවන් පිළිබඳව ඊයේ පැවැති විවාදයේදීත් ප්‍රධාන මාතෘකාව බවට පත් වූයේ මෙම බැඳුම්කර වංචාවට අදාළ වාර්තාව ඉදිරිපත් නොවීම පිළිබඳවයි.

26 වැනිදා පාර්ලිමේන්තුවේදී දැක ගැනීමට ලැබුණා තොරතුරු දැන ගැනීම ගැන මහ ඉහළින් කථා කරපු මහත්වරු මේ මහා බැංකු බැඳුම්කර වංචාවට අදාළ තොරතුරු වසන් කරන්න ගත්තු උත්සාහය. මේ මහත්වරු මහා පාරිශූද්ධ තොරතුරු දැන ගැනීමේ පනතක්’ ගෙන එනවා. නමුත් අද මේ බැඳුම්කර වංචාව පිළිබඳව තොරතුරු වසන් කිරීමට ගහන්න පුළුවන් සියලුම ගේම් ගහනවා. පසුගිය පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර මැතිතුමාගේ සභාපතීත්වයෙන් පැවැති කෝප් කමිටුවේත් මම සාමාජිකත්වය දැරුවා. එමගින් මේ බැඳුම්කර වංචාව පිළිබඳව පැවැත්වූ පරික්‍ෂණයටද දායක වුවා. නව පාර්ලිමේන්තුව පිහිටවූ පසු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කෝප් කමිටුව වෙත මුල්වරට පැමිණි අවස්ථාවේදී මම තමයි යෝජනා කළේ ‘මේ පරීක්‍ෂණය නැවත පැවැත්විය යුතුයි’ කියලා. එම අවස්ථාවේදී මා අර්ජුන මහේන්ද්‍රන්ට පැවැසුවා ‘එක්කෝ ඔබ නිවැරදි විය යුතුයි. නැතිනම් අප නිවැරදි විය යුතුයි. රටට සත්‍යය හෙළි කළ යුතුයි’ කියලා.

ඊයේ (26) අපි පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුව ලෙස එකතු වෙනවා. හෙට හෝ අනිද්දා තමයි කෝප් කමිටුවට මේ වර්ෂය තුළ මේ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙන අවසන් දිනයන් වන්නේ. හෙට හෝ අනිද්දා මේ වාර්තාව එළිදැක්වීමට නොහැකි වුවොත් අය-වැය විවාදය හේතුවෙන් එය එළිදැක්වීම 2017 ජනවාරි මාසය දක්වා කල් යනවා. තමන් නිවැරදි නම් ඇයි මේ වාර්තාව එළි දැක්වීමට මේ තරම් බය වෙන්නේ? මහ බැංකුව තමයි අර්ජුන මහේන්ද්‍රන්ලාට සහ රනිල් වික්‍රමසිංහලාට ‘ඇලඩින්ගේ පුදුම පහන’ වුණේ, 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වුණු මේ ආණ්ඩුව 2015 පෙබරවාරි 27 වැනිදා වන කොට රටේ මුදල් බිලියන ගණනින් ගසා කෑවා. මහ බැකුව නැමැති ‘ඇලඩින්ගේ පුදුම පහනින්’ වැඩ ගන්න තමයි මේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති ධුරයට පත් කරනු ලැබුවේ. මේ අය උත්සාහ කළේ දිගින් දිගටම ‘ඇලඩින්ගේ පුදුම පහනින්’ වැඩ ගන්න. අපි මේ රටේ ජනතාවට කියනවා ‘මේ වන විට මේ අය සිදු කළ වංචාව පිළිබඳ සියලු තොරතුරු කෝප් කමිටුව හමුවේ හෙළිදරව් වෙලා ඉවරයි’ කියලා. මේ අය අද වැරදිකරුවන් වෙලා ඉවරයි. ඒ බව ඔවුන් දන්නවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ පාර්ශ්වය මේ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තිබෙන සියලු මාර්ග අවහිර කරමින් ඉන්නවා. ඔවුන් හොරකමින් උපයාගත් රුපියල් බිලියන 05කට අධික මුදලින් බිලියන කිහිපයක් වියදම් කරලා මේ වන විට රාජ්‍ය නිලධාරීන්, තමන්ට විරුද්ධව සාක්ෂිදුන් පිරිස් මිලදී ගනිමින් සිටිනවා. නමුත් අපි ඉතාමත් වගකීමෙන් කියනවා, ‘නුඹලා මේ මහා හොරකම යට ගහන්න කොතරම් උත්සාහ කළත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ’ කියලා. කෝප් කමිටුවේ රීති සහ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් වැදගත් වෙන්නේ ජනතා මුදල් රැක ගැනීමටයි. ඒ නිසා මේ සතියේදී මේ බැඳුම්කර වංචාවට අදාළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළහොත් මම කෝප් කමිටු සාමාජිකයකු ලෙස ජනතාව ඉදිරියේ සපථ කරනවා. ‘කෝප් කමිටු රීති, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොතකා මා සතුව තිබෙන වාර්තාව සහ ඊට අදාළ වෙනත් සියලු ලියකියවිලි ජනතාව ඉදිරියේ තබනවා’ කියලා.

රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වය උත්සාහ කළේ මේ වංචාව දිගින් දිගටම කරමින් ඒකෙන් ජීවත් වෙන්න. නමුත් රටේ වාසනාවට ඒකාබද්ධ විපක්‍ෂයට හැකි වුණා මේ තත්වය රට හමුවේ තබන්න, ඉන් පසුව ඒ ප්‍රශ්නය කෝප් කමිටුව වෙත ගෙන එන්න. මේ කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන අජිත් පී. පෙරේරා සහ සූජීව සේනසිංහ යන ඇමතිවරුන් කෝප් කමිටුව උසාවියක් බවට පත්කරගෙන අර්ජුන මහේන්ද්‍රන් බේරා ගැනීම වෙනුවෙන් විගණකාධිපතිතුමන් ඇතුළු රජයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා. කෝප් කමිටුවට අයිතියක් නැහැ පුද්ගලයකු බේරා ගැනීමට ප්‍රශ්න අහන්න. මන්ත්‍රිවරුන්ට අයිතිය තිබෙන්නේ, ‘මේ ගනුදෙනුවෙන් රජයට පාඩුද, නැද්ද?’ කියලා අහන්න විතරයි. ‘මේ වචනය වාර්තාවේ තිබුණොත් රටට ජනතාවට වාසිද? නැද්ද?’ කියලා නොවෙයි මේ අය අහන්නේ ‘අර්ජුන්ට වාසිද, නැද්ද‘ කියලයි. මේ රටේ නීතිඥ මහත්වරු දිවුරුම් දෙන්නේ විත්තිය හෝ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින්න. වෛද්‍යවරු දිවුරුම් දෙන්නේ සද්ගුණවත් මහත්මයකුට හෝ අපරාධකරුවකුට ප්‍රතිකාර කරන්න. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දිවුරුම් දෙන්නේ එහෙම නොවෙයි. ‘මහජන දේපළ සහ රට ආරක්‍ෂා කිරීම’වෙනුවෙන් පමණයි ඒ අය දිවුරුම් දෙන්නේ. ඒ නිසා මේ නීතිඥ ඇමතිවරු ඒ වගකීම අතහැරලා කටයුතු කරලා තිබෙනවා.

ආර්ථික ඔස්තාර් කෙනකු ලෙස පෙනී සිටින හර්ෂ ද සිල්වා කෝප් කමිටුවේදී කටයුතු කළේ කොහොමද? ‘මේ ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂණයෙන් අර්ජුනට හානියක් සිදුවේවිද?’කියන කෝණයෙන් එයා මේ ප්‍රශ්නය දෙස බැලුවේ. අනේ එහෙම ආර්ථික විශේෂඥයන්ගෙන් මේ රටට ඇති ඵලය කුමක්ද? මේ අය කෝප් කමිටුව තුළ කියන්නේ, ‘විගණකාධිපති දේශපාලනීකරණය වෙලා’ කියලයි. අර්ජුන්ට විරුද්ධව සාක්ෂි දුන්නු නිලධාරිනුත් මේ අයට අනුව දේශපාලනීකරණය වූ අය. හැබැයි කවදාවත් මේ රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය කීවේ නැහැ ‘අර්ජුන මහේන්ද්‍රන් හොරකම් කළා’ කියලා. අර්ජුන්ව බේරාගන්න තමයි අජිත්ලා, සේනසිංහලා, හර්ෂලා උත්සාහ කළේ. ඉතිං හරි පැහැදිලියි සිදු වුණු දේ. මේ හැමදෙනාටම කොටස් බෙදිලා තිබෙනවා. ‘දැන්වත් කියන්න මහත්වරුනි, බැඳුම්කර වංචාව යටගහනවාට ඔබලාට ලැබුණු ගාණ කීයද?’ කියලා. මේ නීතිඥ ඇමතිවරුන්ගේ, ආර්ථික ඔස්තාර්ලාගේ රෙදි ගැලවිලා යනවා, මේ කෝප් කමිටු වාර්තාව රට ඉදිරියේ තබපුවාම,

‘අපි වෙනුවෙන් කෝප් කමිටුවේ හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු කොහොමද කටයුතු කළේ?’ කියලා මේ වාර්තාව එළියට ආපුවාම ඔවුන්ට ඡන්දය දුන් ජනතාවට බලා ගන්න පුළුවන්. මා ඇතුළු පිරිසක් කෝප් කමිටුව තුළ ඔබලා වෙනුවෙන් සටන් කරන කොට එජාපයේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ අය සටන් කළේ කවුරුන් වෙනුවෙන්ද? අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන්. අජිත් පී. පෙරේරා වීරයකු වගේ කියනවා, ‘මේ වරද සිදු වෙලා තිබෙන්නේ ‘පර්පචුවල් ට්‍රෙෂරීස්’ සමාගමින්. ඔවුන්ට විරුද්ධව නඩු දාන්න ඕනේ? කියලා. මේ වීර කතාව ඇතුළේ තිබෙන්නේ කුමක්ද? මේ සිදුවීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වරදකරු කියලා නම් කළාම ඔවුන් උසාවියට ඉදිරිපත් කරනවා. එහිදී ඔවුන් කියනවා ‘අපේ ව්‍යාපාරය තුළ තිබෙන්නේ බැඳුම්කර මිලදී ගැනීම සහ විකිණිම. පොලී අනුපාත ඉහළ යාම පිළිබඳව අපට කරන්න දෙයක් නැහැ’ කියලා. එහෙම කියපුවාම ඔවුන් නිදහස් වෙනවා. නමුත් අජිත් පී පෙරේරා මහත්තයා එහෙම හිතුවාට එහෙම වෙන්නේ නැහැ. මේ බැඳුම්කර ගනුදෙනුව සැලසුම් සහගතව සිදු කරන ලද සාපරාධී ක්‍රියාවක්. මේ පරීක්‍ෂණයේදී ඒ බව හෙළි වෙලා ඉවරයි. ‘මේ සමාගමේ වැඬේ බැඳුම්කර මිලදී ගැනීම, මහ බැංකුවේ වැඬේ බැඳුම්කර වෙන්දේසියේ දැමීම’ කියන එකයි මතුපිටින් බැලුවාම පෙනෙන්නේ. මේ කෝප් කමිටු වාර්තාවේ පිටු 3000ක් පමණ තිබෙනවා. ඒක සකස් කරන්න මාස 20ක් පමණ ගියා. මේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ඒ මාස 20 පුරාම උත්සාහ කළේ එක වගන්තියක් පමණක් වෙනස්කර ගන්න. ඔවුන් මේ කාලය පුරාම උත්සාහ කළේ ‘මෙතැන වුණේ අතිඋතුම් බැඳුම්කර වෙන්දේසියක්' කියන එක තහවුරු කරන්න. 'බැඳුම්කර ගනුදෙනු සිදු කරන නිර්මල, පාරිශූද්ධ ක්‍රමය වෙන්දේසියයි. මෙතැන සිදු වුයෙත් බැඳුම්කර වෙන්දේසියක් හැර වෙන කිසිවක් නොවෙයි’ කියලයි ඔවුන් ඔප්පු කරන්න හැදුවේ. ‘මහ බැංකුවේ එකම නීත්‍යනුකූල නිවැරදි, ක්‍රමවේදය තමයි බැඳුම්කර වෙන්දේසිය. අනෙක් සියල්ල ගිය ආණ්ඩුවේ උවමනාවට ගෙන ආ වැරදි ක්‍රමවේද’ කියන එකයි, ඔවුන් මතුරපු පාඨය වුයේ.

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සිදු කරන ආකාරය සඳහන් අත්පොත කෝප් කමිටුවට ගෙන්වා ගෙන අපි බැලුවා. එහෙම එකක් සඳහන් වෙලා නැහැ. බැදුම්කර ගනුදෙනුවකට පෙර සිදු කරන පරීක්‍ෂණය සඳහා තමයි වෙන්දේසිය භාවිතා කරන්නේ. ‘බැඳුම්කර නිකුත් කළොත් කොහොමද ඉල්ලුම තිබෙන්නේ?’ කියන එක test කරන්නයි වෙන්දේසිය යොදා ගත්තේ. නමුත් මේ වංචාව සිදුවූයේ ටෙස්ට් නොකර නිකුත් කරන්න තිබෙන සම්පූර්ණ බැඳුම්කර ප්‍රමාණය එකවර නිකුත් කළ නිසයි. මේ හොරකම කරන්න මේ අය බිලියන 01ක් වෙනුවට බිලියන 10ක් වෙන්දේසියේ දැම්මා. තකතිරු ගොන් මහත්වරුනි, පරික්‍ෂා කරන්න 01ක් නොදමා 10ක් දමලා පරික්‍ෂා කරන්නේ ඇයි? මේක තකතිරු වැඩක් නොවෙයි. මේක සවිඥානිකව කරපු පට්ටපල් හොරකමක්. ඒක අද අනාවරණය වෙලා ඉවරයි. මේ හොරකම යට ගහන සියලු දෙනා මේකට සම්බන්ධයි. අර්ජුන්ගේ හොරකම නිසා ඔබ, අප සැමට අද වැඩි පොලියට ණය ගන්න වෙලා තිබෙනවා ” යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර වංචාවේ කෝප් වාර්තාව ලබන සතියේදී ජනතාව අතට 
බැඳුම්කර වංචාවේ කෝප් වාර්තාව ලබන සතියේදී ජනතාව අතට 
http://ift.tt/2dZWROR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_228.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_228.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy