දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සරසවි සිසු දෙදෙනා මිය යාම: පොලීසිය හෙළි නොකල දේ ඇමති හෙළි කරයි
Homeප්‍රවෘත්ති

සරසවි සිසු දෙදෙනා මිය යාම: පොලීසිය හෙළි නොකල දේ ඇමති හෙළි කරයි

PropellerAds

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් න...

මධුෂ් ලගම සිට අයෙක්ට රන්ජන්ගෙන් දුරකථන ඇමතුමක්
පොලිස් නිලධාරියාට පහරදීමේ සිද්ධිය : මන්ත්‍රී චමින්ද විජේසිරි ඉන්න තැනක් දන්නේ නැහැ - පොලිසිය
ලතීෆ් ඩුබායි බලා පිටත්ව යයි
සරසවි සිසු දෙදෙනා මිය යාම: පොලීසිය හෙළි නොකල දේ ඇමති හෙළි කරයි

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිස මුලින් සැබෑ තොරතුරු හෙළි නොකළ බව අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක පවසයි.

යාපනයේ 'යතුරු පැදි කල්ලි' සැරිසරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණ බැවින් පොලිසිය ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි බවත් එවැනි වාතාවරණයක් තුළ ශිෂ්‍යයන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය මාර්ග සංඥා නොතකමින් ගමන් කරනු දුටු පොලිස් නිලධාරීන් කලබල වී ඔවුන්ට වෙඩි තබා ඇතැයි අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා බීබීසී සංදේශයට ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා පවසන පරිදි එම පොලිස් නිලධාරීන් මුලින් පවසා තිබෙන්නේ ඔවුන් අහසට වෙඩි තැබූ බවයි.

අදාළ පොලිස් නිලධාරීන් පිරිස ඒ අවස්ථාවේ සත්‍යය හෙළි කළේ නම් ඒ පිළිබඳව මෙතරම් ආන්දෝලනයක් මතු නොවනු ඇතැයි පවසන අමාත්‍ය සාගල රත්නායක, ප්‍රදේශයේ නීතිය සහ සාමය රැකීම විනා යාපනයේ ජනතාවට හෝ උතුරේ දෙමළ තරුණයන්ට එරෙහිව පොලිසිය කිසිදු සංවිධානාත්මක මෙහෙයුමක් දියත් කර නොමැති බව අවධාරණය කළේය.

සිදුවීම පිළිබඳව සැලවීමෙන් අනතුරුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බවත් පොලිස් නිලධාරීන්ට කුමන ආකාරයේ ගිනි අවි සැපයිය යුතුද යන්න සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර විශේෂ ප්‍රතිපත්තියක් සකස් කරන බවත් හෙතෙම සඳහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් පස් දෙනා නොවැම්බර් 04 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මේ අතර ශිෂ්‍යයන්ගේ අවමගුල් උත්සව පැවැත්වෙන සඳුදා දිනය ශෝක දිනයක් ලෙසින් යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරසවි සිසු දෙදෙනා මිය යාම: පොලීසිය හෙළි නොකල දේ ඇමති හෙළි කරයි
සරසවි සිසු දෙදෙනා මිය යාම: පොලීසිය හෙළි නොකල දේ ඇමති හෙළි කරයි
http://ift.tt/2dZCAGQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_224.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_224.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy