අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ලබන නොවැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. ඒ , ...
අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ලබන නොවැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.
ඒ , අද (24) මීගමුව මහේස්ත‍්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට අනුවයි.
අද පෙරවරුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වූ අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගැණුනි.
ඒ, පසුගිය 2002 වසරේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාළවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පැවතුණු නමුත් එම නඩුව විභාග වූයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර මහතාගේ සහයකයා පැදවූ රියෙහි ගැටීමෙන් පුද්ගලයෙකු මියගිය බව පවසමිනි.
කෙසේ වෙතත් පසුගියදා අදාළ නඩුව සම්බන්ධයෙන් පොලිසියට තවත් පාර්ශවයක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ, අදාළ අනතුර සිදුකර ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසින් බව පවසමිනි.
ඊට අදාළව ඔහු අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මීගමුව පොලිසියට භාර විය.
COMMENTS