ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සමගියට බාධා කරන එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විරුද්ධව යළිත් වරක් ජනපතිවරයාට කරුණු දැක්‌වීමට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිර...
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සමගියට බාධා කරන එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විරුද්ධව යළිත් වරක් ජනපතිවරයාට කරුණු දැක්‌වීමට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීරණය කර ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
පක්‌ෂය සමගි කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටියදී මෙම නිලධාරීන් මාධ්‍ය ඉදිරියේ සිදු කරන ප්‍රකාශ මඟින් එම උත්සාහයට බාධා ඇති වන බවට ජනපතිවරයාට පැමිණිලි කරන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ පිළිබඳව මීට පෙරද ජනපතිවරයා දැනුවත් කළ බවද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයේ සියලු කණ්‌ඩායම් එකට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම මෙම ජ්‍යෙෂ්ඨයන්ගේ අරමුණ වී තිබේ.
COMMENTS