ඊයේ (16) හදිසි අනතුරකින් සමුගත් ටෙලි නිළි කවීෂා අයේෂානි හේමසිරි (24) මෙනවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී ඊයේ සවස පැවැ...
ඊයේ (16) හදිසි අනතුරකින් සමුගත් ටෙලි නිළි කවීෂා අයේෂානි හේමසිරි (24) මෙනවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී ඊයේ සවස පැවැත්වූ අතර එහිදී මරණය
සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇත.
මෙම පරීක්ෂණය්දී ඇගේ පියා පොල්වත්තේගෙදර ශාන්ත හේමසිරි (46)ඇය ගැන මෙසේ පවසා ඇත.
‘මගේ දුව තමයි මේ මියගොස් සිටින්නේ. අවසන් වරට මීට දින අටකට පමණ පෙර පැමිණ අප සමග කාලය ගත කර තිබුණා. මාගේ
දියණිය මා දන්නා පරිදි මත්පැන් මත්ද්‍රව්‍ය හෝ දුම් පානය නොකරන බව මා පෞද්ගලිකවම
දන්නවා. ඇයට කිසිදු නිදන්ගත රෝගී තත්ත්වයක් තිබුණේත් නැහැ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඇය කාලය ගත
කළා.
ශිල්පිනියක් ලෙස රැකියාව කරමින් සිටියා. එබැවින් ඇයගේ පහසුව සඳහා ඇය තාවකාලිකව පදිංචිව සිටියේ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ කුලී නිවසකයි. ඒයා එහි සිටියේ තවත් යෙහෙළියක් සමගයි. මිය ගිය දුව අවුරුදු 4 කට කලින් නිසාන් මාර්ච් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගත්තා. මොටර් රථ පැදවීමට ඇය වසර 5කට පමණ පෙර බලපත්‍රයක් ලබා තිබෙනවා. මෝටර් රථය පදවන්නේත් එයාමයි.
බිරිඳගේ මව ඊයේ (16) අලුයම දුරකථනයෙන් කතා කර කියා තිබුණා දුව රිය අනතුරකට ලක්වෙලා
කළුබෝවිල රෝහලට ඇතුළු කර තිබෙනවා කියා. මා මිරිහාන පොලිසියට ගොස් විමසීමේදී දැනගන්න ලැබුණා
නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ නවතා තිබූ බසයක දුවගේ මෝටර් රථය ගැටී දුව මිය ගිහින්
කියලා. දුවගේ මෘත ශරීරය මා හඳුනා ගත්තා. දුවගේ මරණය ගැන මට කිසිදු සැකයක් නැති වුණත්
රිය අනතුර කෙසේ සිදු වූවාදැයි මට පැහැදිලි නෑ.‘
COMMENTS