ශ්‍රී ලංකා රජය විසින් ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ සාර්ථකත්වය අනුව ඉහළ මැදි ආදායම් ලබන රටක් කරා ලඟා වීමේ අවස්ථාව තිබෙන බව ලෝක බැංක...
ශ්‍රී ලංකා රජය විසින් ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ සාර්ථකත්වය අනුව ඉහළ මැදි ආදායම් ලබන රටක් කරා ලඟා වීමේ අවස්ථාව තිබෙන බව ලෝක බැංකුවේ නවතම වාර්තාවක දක්වා තිබේ.
මෙම වසර තුළ දීද දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය පෙර වසර මෙන්ම ස්ථාවර මට්ටමක පවතින බවත් 2017 වසරේ දී 5% සීමාව සුළු වශයෙන් ඉක්මවා යනු ඇති බවත් එහි සඳහන්ය.
රුපියල අවප්‍රමාණය හා වැට් බදු ඉහළ නැංවීම හරහා උද්ධමනය ඉහළ යාම කෙරෙහි බලපෑමක් වන අතර ගෝලීය වශයෙන් වෙළෙඳ භාණ්ඩ මිල ගණන් පහළ යන වාතාවරණයක දී මේ බව දක්නට ලැබෙන බවත් 2016 වසරේ දී ආනයන පහළ යාම හා සංචාරක ඉපැයීම් ඉහළ යාම හමුවේ වෙළෙඳ ගිණුමේ හිඟය තවදුරටත් පටු වනු ඇතැයි වාර්තා වේ.
COMMENTS