රහස් පොලිසිය, මූල්‍ය අපරාධ කොට්‌ඨාශය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්...
රහස් පොලිසිය, මූල්‍ය අපරාධ කොට්‌ඨාශය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ මැති ඇමතිවරු මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරු ද දැඩි කැළඹීමකට පත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ආණ්‌ඩුවේ පිරිසක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වෙනුවෙන් පෙනී සිටින අතර එජාප මැති ඇමැතිවරුන් පිරිසක් ඊට විරෝධය පළකරමින් සිටිති. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සකස්‌කරමින්, අලුත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නව ගමනක් ආරම්භ කළ මොහොතේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැටලු ඇතිකරන්නක් බව මන්ත්‍රීවරු එකිනෙකා අදහස් දක්‌වා ඇ.තැයි වාර්තා වේ.
මෙම කැළඹිලි ස්‌වභාවය ප්‍රාදේශීය මට්‌ටමේ දේශපාලකයන් දක්‌වාම පැතිර ගොස් ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීම සඳහා දෙදෙනා එක ස්‌ථාවරයකට පැමිණ ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS