උතුරු පළාත් මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධව මෙරට තානාපතිවරුන් දැනුවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. ඔහුග...
උතුරු පළාත් මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධව මෙරට තානාපතිවරුන් දැනුවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය දකුණේ ජාතිවාදී කණ්‌ඩායමක අවශ්‍යතාව මත සිදු කරන්නක් බවට දැනට ලැබී තිබෙන වාර්තා සම්බන්ධවද රජය තානාපතිවරු දැනුවත් කිරීමට නියමිතය.
උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් රජය විශාල කාර්යභාරයක නිරතව සිටියදී විග්නේෂ්වරන් මහතා ක්‍රියා කරන ආකාරයෙන් දකුණේ ජාතිවාදීන්ටද විශාල උත්තේජනයක් ලැබෙන බවට රජයට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් මහතා නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක් ගෙන ඒමේ රජයේ වැඩපිළිවෙළට සහාය දක්‌වද්දී උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ මෙම අන්තවාදී ක්‍රියා කලාපය රටේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS