ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනවාරී මස 07වන දින වනතෙක් ව්‍යාපාරික ගණුදෙනුවල නියැලුණු බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එ් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ," එම කාරණය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කරන්න බෑ. ඔය කියන ඇලෝසියස් 07 වෙනිදා රාත්‍රිය වෙනකල් නාමල් රාජපක්ෂලා එක්ක එකතු වෙලා තමයි සියළුම ව්‍යාපාරික කටයුතු කළේ. ඉතිං වැඩියෙන්ම හොයන්න ඕන ඔය ලාභයෙන් වැඩිපුර ලබලා තියෙන්නේ ඒ කාලෙද මේ කාලෙද කියලා" යනුවෙනි.
2013 වසරේදී ආරම්භ කර ඇති මෙම ව්‍යාපාරයෙහි පසුගිය වසරේ ලාභය මෙලෙස ආසාමාන්‍ය ලෙස වැඩිවී තිබීම පිළිබඳව සොයා බැලීමට රජය පැහැදිලිවම ඉදිරිපත් වන බවද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.
ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට තුළ සිදුව ඇති මහා පරිමාණ වංචාවන් පිළිබඳව නිසි සොයාබැලීමක් තොරව බලධාරීන් විසින් සුළු කාරණා පිළිබඳව සොයා බලන බවත් එය තමාට ද ගැටළුවක් ඇතිකළ කාරණයක් බවත්ය.
වීඩියෝව පහතින්.
COMMENTS