දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා යුද හමුදාව අද 67 වැනි සංවත්සරය සමරයි
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකා යුද හමුදාව අද 67 වැනි සංවත්සරය සමරයි

PropellerAds

අසමසම ජයග්‍රහණයන් සහ අභිමානයන් පෙරදැරි කොට ගත් ජාතියේ අභිමානය වූ ශ්‍රී ලංකා යුද හමුදාව අද (10) සිය 67 වන යුද හමුදා දිනය සමරයි. ක්‍රි:ව: 1...

ගැසට්ටුවේ නඩු විභාගයට සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි (VIDEO)
පාර්ලිමේන්තුව විසුරවූ ජනාධිපතිගේ නියෝගය අත්හිටුවයි.. අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ..
ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම නීත්‍යානුකුලයි.. ව්‍යවස්ථානුකූලයි..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි..
ශ්‍රී ලංකා යුද හමුදාව අද 67 වැනි සංවත්සරය සමරයි

අසමසම ජයග්‍රහණයන් සහ අභිමානයන් පෙරදැරි කොට ගත් ජාතියේ අභිමානය වූ ශ්‍රී ලංකා යුද හමුදාව අද (10) සිය 67 වන යුද හමුදා දිනය සමරයි.

ක්‍රි:ව: 1949 දී ‘ලංකා යුද හමුදාව’ (සිලෝන් ආමි) ලෙස ස්ථාපිතව අනතුරුව ක්‍රි:ව: 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස වෙනස් වූ ශ්‍රීලංකා යුද හමුදාව මේ වන විට වසර 67 ක කාලයක් තුල අසමසම නොඇසුවිරූ වාර්තාවන් රැසක් තබමින් සමකාලින යුද හමුදා ඉතිහාසයේ සංධිස්ථානයකට පත්ව සිටි.

ඒ පිළිබඳ යුද හමුදා මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින්,

2009 වසරේ මැයි මස දරුණු ත්‍රස්තවාදය පරාජය කරමින් ලෝක ප්‍රකට තත්වයට පත් වූ යුද හමුදාවේ 25,000 කට අධික රණවිරුවන් පිරිසක් දේශය වෙනුවෙන් දිවි පිදූ අතර, යුද හමුදා සිවිල් කාර්ය මණ්ඩලයේ 123 ක් ද එහිදි දිවි පිදුහ. 

එමෙන්ම, දශක තුනක දීර්ඝකාලීන මෙම ගැටුමේ දී රණවිරුවන් 82,337 ක් හා සිවිල් කාර්ය මණ්ඩලයේ 38 ක් ද ආබාධිත තත්වයට පත් වුහ. මීට අමතරව යුද හමුදාවේ 3425 ක් වූ රණවිරුවන් පිරිසක් අතුරුදන් වූහ.

වඩාත්ම දරුණුතම ත්‍රස්තවාදය තුරන්කර සාමය නැවත ස්ථාපිත කළ ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය මුළුමහත් ලෝකය පුදුමයට පත් කරවන්නකි. එහිදි ලෝව පවතින සමකාලීන හමුදාවන් අතුරින් දේශයෙන් ත්‍රස්තවාදය මුලින් උපුටා දැමු ලොව එකම හමුදාව ශ්‍රී ලංකා හමුදාව වේ.

යුද්ධයේ බලපෑමට ලක් වූ උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පමණක් නොව දිවයිනේ අස්සක් මුල්ලක් නෑර සිය ප්‍රජා සත්කාරක සේවාවන් සපයමින් රෙජිමේන්තු 24 ක සෙබලුන් නියෝජනය කරමින් දේශයේ සංවර්ධනයට උර දෙමින් යුද හමුදාව ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරති.

හමුදා ඉතිහාසයේ වෙනත් කිසිදු හමුදාවකට නොදෙවෙනි ලෙස අප යුද හමුදාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පැරදවීමට සිය සහෝදර සේවා සමඟින් එක්ව ඉමහත් වගකීමකින් ක්‍රියා කරනු ලැබීය.

යුද හමුදා දින සැමරම් පෙළපාලිය අද (10) දින පනාගොඩ යුද හමුදා ජනපදයේ දී පවත්වනු ලබන අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත විශේෂ සම්මාන පෙලපාලියක් පිරිනැමිමට ද නියමිතය.

අද වන විට යුද හමුදාව, රටේ සංවර්ධන කාර්යයන්ට සෘජූවම උරදෙන සංවිධානයක් බවට පත්ව ඇත. ඒ අනුව විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල අවශ්‍යතාවයන් මත යුද හමුදා ඉංජිනේරු සේවාවන්, ප්‍රජාසේවා, ඉදිකිරිම් ක්ෂේත්‍ර, ජාතික ආපදා, ඩෙංගු මර්ධන වැඩසටහන්, සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආදි බොහෝ ක්ෂේත්‍රයන් තුලින් සිය කාර්ය භාරය ඉටු කරනු ලැබේ.

තවද ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ හිමි කරගෙන ඇති අතර, මෑතකදී පැවති පැරාලිම්පික් ඇතුළු බොහෝ ජාත්‍යන්තර තරඟ වල දී දැක් වූ දස්කම් තුලින් ඒ බව පැහැදිලි වේ. එමෙන්ම ජාතික ක්‍රීඩා සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන් රටේ ප්‍රධානතම ආයතනයක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව පත්ව ඇත.

මනුෂ්‍යත්වය, විනය, වෘත්තීය හා විශ්වාසවන්තභාවය හමුවේ පෙරමුණේ සිටින අප යුද හමුදාව එය ලොවට ප්‍රදර්ශනය කළ බව 67 වන සංවත්සර පණිවිඩය නිකුත් කරමින් යුද හමුදාපතිතුමා පැවසීය. මෙම ගුණාංග හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ලොව සුප්‍රකට තත්වයට පත්වී ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසුහ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා යුද හමුදාව අද 67 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා යුද හමුදාව අද 67 වැනි සංවත්සරය සමරයි
http://ift.tt/2dEHKwZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy