දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනය සරසවි සිසුන් දෙදෙනා මියගියේ පොලිස් වෙඩි පහරින් - 5 කගේ වැඩ තහනම්
Homeගොසිප්

යාපනය සරසවි සිසුන් දෙදෙනා මියගියේ පොලිස් වෙඩි පහරින් - 5 කගේ වැඩ තහනම්

PropellerAds

යාපනය සරසවි සිසුන් දෙදෙනා මියගියේ පොලිස් වෙඩි පහරින් බවට ආරංචි පොලිසියේ 5 කගේ වැඩ තහනම් ඊයේ රාත්‍රී යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේදී යතු...

විල්පත්තුව ජනාවාස කිරීමට එරෙහි නාගානන්ද දැමූ නඩුව කල් යයි - 2020 ඡන්දෙ ඉල්ලන බව පෙත්සමේ
කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 90ක්
නිවසේදී අභිරහස් ලෙස වෙඩිවැදුණ බෙලිඅත්ත විපක්ෂනායක මියයයි

යාපනය සරසවි සිසුන් දෙදෙනා මියගියේ
පොලිස් වෙඩි පහරින් බවට ආරංචි

පොලිසියේ 5 කගේ වැඩ තහනම්

ඊයේ රාත්‍රී යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාම පොලිස් වෙඩි පහරින් සිදුවූ බවට පරීක්ෂණ වලින් එළිවෙමින් පවතී.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගේ සේවය අත්හිටුවා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අද උදෑසන
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා තිබුනේ මෙම මරණ සිසුන් දෙදෙනා ගිය යතුරු පැදිය තාප්පයක ගැටී ඇතිවූ හදිසි අනතුරක් නිසා සිදුවූවක් ලෙසයි.
නමුත් පසුව සිදු කළ පරීක්ෂණ අනුව එම කතාව එම ස්ථානයේ රාජකාරියේ යෙදුණ නිලධාරීන් ගෙතූවක් ලෙස ඔප්පුවී ඇත.
යාපන සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම

ලබන දේශපාලන විද්‍යා පීඨයේ නඩරාසා කජාන් හා ජනමාධ්‍ය සිසු පුවන්රාජා සුලක්ෂන් කන්දරොඩේ මිය ගිය සිසුන් දෙනොය. ඔවුන් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30 ට පමණ කොකුවිල් දෙසට යතුරු පැදියෙන් ගමන් කළ බවත් යතුරු පැදිය නතර කරන ලෙස පොලිසිය අණ කළ බවත් යතුරු පැදිය නතර නොකරම ධාවනය කළ බවත් මේ වනවිට ලැබෙමින් පවතින නිල නොවන තොරතුරු වලින් අනාවරණය වේ.
පසුව පොලිසිය යතුරු පැදියට වෙඩි තබා ඇතැයි ද ඒ සමඟම යතුරුපැදිය පාර අසල නිවසක තාප්පයක වැදී අනතුරට පත්වී ඇතැයි ද නිල නොවන ආරංචි හෙළි කර තිබේ.
යාපනය මහේස්ත්‍රාත් එස්. සතීශ්කරන් මහතා සිද්ධිය වු ස්ථානයට ගොස් මරණ පරික්ෂණ පවත්වා ඇති අතර යාපන රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා දන්වා තිබුනේ යතුරුපැදිය පදවා ගෙන ගිය සිසුවාගේ හිසට වෙඩි පහර දෙකක් වැදී ඇති බවත් යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව අනතුර සිදු වු බවත් පිටුපස ආසනයේ සිටි සිසුවාට වෙඩි වැදී නැති නමුත් ඔහු අනතුරින් සිදුවූ තුවාල නිසා මියගොස් ඇති බවත්ය.
මෙය සාමාන්‍ය අනතුරක් ලෙස පොලිසිය හුවා දක්වන්නට උත්සාහ ගෙන තිබියදී නෑ නෑ අපට වෙඩි සද්ද ඇහුණායි කියමින් අසල්වාසීන් කලබල කර තිබුණ අතර ඒ නිසා රහස් පොලිසිය වෙත මෙම පරීක්ෂණ මේ වනවිට භාරදී තිබේ.
අපක්ෂපාත පරික්ෂණයක් පවත්වන ලෙස යාපන සරසවි සිසුන් ඉල්ලා ඇති අතර මානව හිමිකම් කොමිසම ද පරික්ෂණයක් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනය සරසවි සිසුන් දෙදෙනා මියගියේ පොලිස් වෙඩි පහරින් - 5 කගේ වැඩ තහනම්
යාපනය සරසවි සිසුන් දෙදෙනා මියගියේ පොලිස් වෙඩි පහරින් - 5 කගේ වැඩ තහනම්
http://ift.tt/2eYLbgW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/5_95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/5_95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy