දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෙට්‍රෝලියම් එකේ රැකියා ඉල්ලා ඇමතිවරියකට දිනකට දුරකතන ඇමතුම් 50ක්!
Homeප්‍රවෘත්ති

පෙට්‍රෝලියම් එකේ රැකියා ඉල්ලා ඇමතිවරියකට දිනකට දුරකතන ඇමතුම් 50ක්!

PropellerAds

අද සියලු දෙනාට අවශ්‍ය වී ඇත්තේ රජයේ රැකියාවක් ලබා ගැනීමට බව නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය. ඊයේ (03) පෙරවරුවේ අම්පාර දිස්ත්...

දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට
"එල්ල කරන චෝදනා බොරු - ඩී.වී.චානක ඇතුළු පිරිසට එරෙහිව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" - සජිත්
ජවිපෙ - මහින්ද හමුව හෙට
පෙට්‍රෝලියම් එකේ රැකියා ඉල්ලා ඇමතිවරියකට දිනකට දුරකතන ඇමතුම් 50ක්!

අද සියලු දෙනාට අවශ්‍ය වී ඇත්තේ රජයේ රැකියාවක් ලබා ගැනීමට බව නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය.

ඊයේ (03) පෙරවරුවේ අම්පාර දිස්ත්‍රික් මහජන සේවා රැකියා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ, තමාට ලැබෙන දුරකතන ඇමතුම් අතරින් අවම වශයෙන් දිනක දී අමතුම් පණහක්වත් ලැබෙන්නේ ‘අතුගාන්න හරි කමක් නෑ- පෙට්‍රෝලියම් එකේ රස්සාවක් හදලා දෙන්න‘ යැයි පවසමින් බවයි.

රජයේ රැකියා මතම බලාපොරොත්තු තබා නොසිට සුදුසුකම් ඇති හා දක්ෂතා දක්වන අංශයන්ගේ රැකියා වෙත යොමු වීමට තරුණ තරුණියන් කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරිය කියා සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනෝමා ගමගේ අමාත්‍යවරිය,

“අපේ රට දියුණු නොවෙන්න පළවෙනිම හේතුව තමයි එක වැඩේ කරන්න විසි පස් දෙනෙක් විතර ඉන්න එක. එතකොට එක්කෙනෙක් අතින්වත් වැඩේ හරියට කෙරෙන්නේ නෑ. මම රජයේ රැකියා කරපු කෙනෙක්. මම අවුරුදු දහයක් වෛද්‍යවරියක් හැටියට වැඩ කළා. ඊට පස්සේ මම ව්‍යාපාර අංශයට යොමු වුණා. ව්‍යාපාර කරන අයගේ බදු වලින් තමයි රජයේ අයට බදු ගෙවන්නේ. නමුත්, රජයේ රස්සා කරන අය ගොඩක් ඉන්නේ දැන් නම් ෆේස්බුක් එකෙයි ඉන්ටර්නෙට් එකෙයි.

පුද්ගලික අංශයේ රැකියාවල විශාල ඉල්ලුමක් තියනවා. ඒ වගේම අවස්ථාවන් ඕන තරම් තියනවා. තමන් දක්ෂ දේ, තමන් ඉගෙන ගත්ත දේ හරහා වැඩ කරන්න පුළුවන්. ඉහළට යන්න පුළුවන්. රටට වැඩ කරන්නත් තමන්ට ආදායමක් ලබා ගන්නත් පුළුවන්. අලුත් දේවල් වලට යොමු වෙන්න පුළුවන්. වපසරිය වැඩි වෙනවා.

දැන් පාසලෙන් අයින් වුණු ගමන්ම විවිධ විවිධ පාඨමාලා කරනවා. දරුවෝ ඉගෙන ගන්නවා. මොනවා හරි දෙයක් ඉගෙන ගන්න. කැපවීමයි, තමන්ගේ උවමනාවයි රස්සාව ගැන ආසාවක් ඇති කරගන්නවා නම් දියුණු වෙන්න පුළුවන්.“

මේ අනුව, මෙම නව ආයතනය මගින් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රැකියා අපේක්ෂකයින් ලියාපදිංචි කරන වර්ගීකරණය කරනු ඇත. එසේම, අවශ්‍යතාවක දී ප්‍රයෝජනවත් වන පරිදි විධිමත් දත්ත පද්ධතියක් යටතේ මෙම කාර්යාංශය පාලනය වන බව ද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙට්‍රෝලියම් එකේ රැකියා ඉල්ලා ඇමතිවරියකට දිනකට දුරකතන ඇමතුම් 50ක්!
පෙට්‍රෝලියම් එකේ රැකියා ඉල්ලා ඇමතිවරියකට දිනකට දුරකතන ඇමතුම් 50ක්!
http://ift.tt/2doYWnw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy