දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මොරගහකන්ද ව්‍යාපෘතිය 2018දී ජනතා අයිතියට
Homeප්‍රවෘත්ති

මොරගහකන්ද ව්‍යාපෘතිය 2018දී ජනතා අයිතියට

PropellerAds

අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ දිස්ති‍්‍රක්කවල ජනතාවගේත් රජරට ගොවි ජනතාවගේත් පානීය ජල ගැටලුව නිමා කෙරෙන මොරගහකන්ද – කළුඟග සංවර්ධන ව්‍යාපෘති...

ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් බව ආණ්ඩුව පිළිගනී!
පහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝව බැලූ ස්වාමීන් වහන්සේලා ගැන පැමිණිල්ලක්!
අයි.එස්. ත්‍රස්තයාගේ තොරතුරු අපටත් දෙන්න - රජය නවසීලන්තයෙන් ඉල්ලයි!
මොරගහකන්ද ව්‍යාපෘතිය 2018දී ජනතා අයිතියට

අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ දිස්ති‍්‍රක්කවල ජනතාවගේත් රජරට ගොවි ජනතාවගේත් පානීය ජල ගැටලුව නිමා කෙරෙන මොරගහකන්ද – කළුඟග සංවර්ධන ව්‍යාපෘතිය 2018 වසරේදී ජනතා අයිතියට පවරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති උපාධිධාරීන් 1000ක් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට සහභාගී වෙමිනි. 

'දහසක් මල් – ඉගෙනුමට මුල් තැන' මැයෙන් උතුරු මැද පළාතේ පාසල්වල පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස දැනුම කේන්ද්‍රීය සමාජයක් උදෙසා උපාධිධාරින් 1000ක් ගුරු සේවයට බඳවා ගැනීම හා දිවයිනේ ප‍්‍රථම වරට පෙර පාසල් ගුරුවරියන් 2500 ක් සඳහා රක්ෂණ හිමිකම් සහ සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබාදීම ද මෙහිදී සිදුවිය.

එමෙන්ම දිවයිනේ ප‍්‍රථම වරට පළාත් පාලන ආයතන සඳහා උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාධාරින් 25 ක්, සහකාර ගිණුම් නිළධාරින් ලෙස බඳවා ගැනීම ද සිදු කෙරිණි.

ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ එක් දිස්ති‍්‍රක්කයකට එක් ලෙසකටත් තවත් දිස්ති‍්‍රක්කයකට තවත් ලෙසකටත් බෙදන දේශපාලනඥයින්ගේ අවශ්‍යතාවය මත කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන න්‍යාය පත‍්‍රය වෙනුවට ජාතික සංවර්ධනයේ ප‍්‍රමුඛතා හදුනාගත් සැමට සාධාරණ සමබර සංවර්ධනයක් වත්මන් රජය විසින් රට තුළ කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි.

ආණ්ඩු හදන අය තමන්ගේ ප‍්‍රදේශ පමණක් සංවර්ධනය කර ගැනිම හේතුවෙන් දශක 03 ක ම්ලේච්ඡ යුද්ධයකට අපට මුහුණදීමට සිදු වූ බවද සිහිපත් කළ ජනාධිපතිවරයා අප දොස් නැගිය යුත්තේ අප විසින් ඉටු කළයුතු වගකීම් ඉටු නොකිරීම පිළබඳව මිස මතුව තිබෙන අසමානතාවය පිළිබදව හඩ නඟන අයට නොවන බව ද ප‍්‍රකාශ කළේය.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටට ගැළපෙන නව දර්ශනයක් සමඟ අධ්‍යාපන ප‍්‍රතිපත්තින් සකස් කිරීමට නව රජය කටයුතු කරමින් සිටින බවයි.

රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොරගහකන්ද ව්‍යාපෘතිය 2018දී ජනතා අයිතියට
මොරගහකන්ද ව්‍යාපෘතිය 2018දී ජනතා අයිතියට
http://ift.tt/2e35OWB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/2018.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/2018.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy