දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'2017 දී මේ ආණ්ඩුව ගොඩ යනවා නැත්නම් යට යනවා' - හරීන් (VIDEO)
Homeප්‍රවෘත්ති

'2017 දී මේ ආණ්ඩුව ගොඩ යනවා නැත්නම් යට යනවා' - හරීන් (VIDEO)

PropellerAds

යහපාලන සංකල්පය මෙරට බොහා් පිරිසකට නොතේරෙන දෙයක් බවත් බහුතර පිරිස බලාසිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සි...

ඉදිරි පැය 48 ඇතුලත සජිත් අත්අඩංගුවට..?
කලක සිට රට පටවපු කසල තේ අල්ලයි, Ceylon Tea විනාශ මුඛයට !
මැගසින් බන්ධනාගාරයට කුඩු ගෙන ආ බළලා බොරැල්ල පොලිසියට
'2017 දී මේ ආණ්ඩුව ගොඩ යනවා නැත්නම් යට යනවා' - හරීන් (VIDEO)

යහපාලන සංකල්පය මෙරට බොහා් පිරිසකට නොතේරෙන දෙයක් බවත් බහුතර පිරිස බලාසිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භේද කිරීමට බවත් විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) බදුල්ල, කැන්දගොල්ලේ පැවති කුඩා තේ වතු හිමියන් 1100 දෙනෙකුට පොහොර සහනාධාරය ලෙස රුපියල් ලක්ෂ 63 ක මුදලක් පරිත්‍යාග කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

" අද ගොඩාක් මිනිස්සු බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව පෙරලෙන කල්. ගොඩාක් මිනිස්සුන්ට උවමනාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි බේද කරන්න.

අපි යූ.එන්.පී. කාරයෝ හැටියට ආණ්ඩුවක් දිනලත් අවංක චේතනාවෙන් තමයි යහපාලන ආණ්ඩුවට එකතු වුණේ. අපි ආණ්ඩුව දිනලත් නිමල් සිරිපාල ද සිල්වා ආසනය පැරදිලත් නිමල් සිරිපාල මහත්තයට ඇමති කමක් දෙනවට අපි විරුද්ධ වුනේ නැහැ. මම මහ ඇමති කමෙන් අයින් වෙලා මගේ මහ ඇමතිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙකුට දෙනවට මං විරුද්ධ වුනේ නැහැ. ඇයි ඒ ? අපි සැබෑ අර්ථයෙන් යහපාලනයට ගරු කරපු නිසයි. යහපාලනය කියන එක ගොඩාක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. යූ.එන්.පී. කාරයෝ හැටියට අපි මිනිසුන්ගෙන් බැනුම් අහනවා. මේ ගමේ ඉන්න උග්‍ර යූ.එන්.පී. කාරයෝ මට තිත්ත කුනුහරුපෙන් බැනලා තියෙනවා. උඹලට ඡන්දේ දුන්නේ ඕකට ද කියලා බනිනනවා. උඹලට ඡන්දෙ දුන්නේ අපේ ආණ්ඩුවක් හදාගන්න කියනවා. ඇයි දැන් ශ්‍රී ලංකා කාරයෝ ගාගෙන අහනවා. අපි හිතුවේ එහෙම නෙවෙයි. අපි හිතුවේ ගමේ ශ්‍රී ලංකා, යූ.එන්.පී ඕන නැහැ කියලා. අපිට ඕන අවුරුදු 5න් ගම දියුනු කරන්න ඕන කියන අවංක චේතනාව. හැබැයි සමහර මිනිස්සුන්ට ඕන මේක කඩන්න. ආයෙත් බොරු චොදනා දාලා සමගිය කඩලා රටේ අස්ථාවරත්වය ඇතිකරලා යුද්ධයක් තියෙනවා කියලා පෙන්නලා ඒවගේ කතා ඇති කරන්න. 

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශ්වාසය හදවතේ තියාගෙන ඉන්න. 2017 අවුරුද්ද තමයි මේ ආණ්ඩුව හැදෙන හෝ නොහැදෙන අවුරුද්ද. එක්කෝ මේ ආණ්ඩුව 2017 දී ගොඩ යනවා. නැතිනම් යට යනවා. කරන දෙයක් මේ ආණ්ඩුව කරන්න ඕන 2017 අවුරුද්දේ. ඒ නිසා විශ්වාසය තියාගන්න. ඔය කෙරෙනවා කිව්ව සංවර්ධනය ඇතිවන්නේ 2017 අවුරුද්දේ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි එම විශ්වාසය හදවතේ තියාගනෙ ඉන්න බව මට විශ්වාසයි. ඕනම දේකදි එහෙම නේ. හොදට ඉන්න පවුලක් කඩන්න උත්සාහ කරනවා. ඊර්ෂ්‍යා කරනවා. හුනියම් කරනවා. නෙයෙකුත් දේවල් ගැට ගහල තුන්ඩුදාල. ඒවගේ දේවල් අපේ රටේ සමහර මිනිස්සු කරනවා. ඒ නිසා ඒවා ගැන කලබල වෙන්න එපා. ඔබේ පවුල රකින්න අපි ඉන්නවා".

වීඩියෝව පහතින්.

බදුල්ල - පාලිත ආරියවංශ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: '2017 දී මේ ආණ්ඩුව ගොඩ යනවා නැත්නම් යට යනවා' - හරීන් (VIDEO)
'2017 දී මේ ආණ්ඩුව ගොඩ යනවා නැත්නම් යට යනවා' - හරීන් (VIDEO)
http://ift.tt/2eN8iYW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/2017-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/2017-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy