කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය ඉදිකිරීම සදහා නොගැඹුරු මුහුදේ වැලි කැපීමට එරෙහිව මීගමුවේ ධීවරයින් විසින් සිදු ...
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය ඉදිකිරීම සදහා නොගැඹුරු මුහුදේ වැලි කැපීමට එරෙහිව මීගමුවේ ධීවරයින් විසින් සිදු කරනු ලබන සත්‍යග්‍රහයටත්, ලයිලා සහ සුරුක්කු දැල් වලට එරෙහිව කල්පිටියේ ධීවරයින් විසින් සිදු කරන ලද විරෝධතාවයටත් සහාය පළ කරමින් හලාවත සහ වෙන්නප්පුව මුහුදු තීරයේ ධීවරයින් අද (22) මුහුදු යාමෙන් වැළකී විරෝධතාවයක නිරතවිය.
හලාවත ප්‍රදේශයේ එක් දින යාත්‍රා 1300 ක් පමණද, වෙන්නප්පුව ප්‍රදේශයේ ධීවර යාත්‍රා 300 ක් පමණ ද අද දිනයේ මුහුදු ගොස් නැති අතර මාරවිල ප්‍රදේශයේ ඇතැම් යාත්‍රා මුහුදු ගොස් ඇති අතර සුළු ප්‍රමාණයක් පමණක් මුහුදු යාමෙන් වැලකී සිටී.
මේ අතර හලාවත ධීවරයින් හලාවත කලපුව ආසන්නයේ පිහිටි පාලමක් මත සිට විරෝධතාවයක නිරත විය.
ඒ හේතුවෙන් රථ වාහන තදබදයක් ඇති නොවීම සදහා පොලීසිය කටයුතු කරන ආකාරයක් ද දක්නට ලැබුණි.
ඡායාරූප පහතින්.
පුත්තලම - ජූඩ් සමන්ත
COMMENTS