මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිදුවීමට අදාළව පාතාල නායක කුඩු රොෂාන් ඇතුළු 11 දෙනෙකු ගිනි අවි සමග රත්නපුර...
මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිදුවීමට අදාළව පාතාල නායක කුඩු රොෂාන් ඇතුළු 11 දෙනෙකු ගිනි අවි සමග රත්නපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොවුන් සමග ටී.56 අවියක් සහ පිස්තෝල 02ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
පාර්ශව දෙකක් අතර කාලයක් තිස්සේ දිග්ගැසුණු ආරාවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුව ඇති බව මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇති බව පොලීසිය පවසයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අද (26) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS