වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද (04) පැවැත්වෙන පක්ෂ සංවත්සරය සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමේදී ගීතා කුමාර...
වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද (04) පැවැත්වෙන පක්ෂ සංවත්සරය සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරිය නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය ද පටලවා ගත් බව වාර්තා වේ.
එහිදී මන්ත්‍රීවරිය මෙසේ සඳහන් කළේය.
‘‘යුද්දෙ ගැන ඇහුවා. බඩු මිල ගැන දැන ගත්තා. දැන් මේ ආපු සියලූ දෙනාම මේ සියලු දේ ගැන දන්නවා.ඒ, එකක්වත් නැවත නැවත කියන්න මට උවමනාවක් නෑ. කියන්න තියෙන්නේ කෙටියෙන් එකයි. 56 අවුරුද්දක් කියලා උපන්දිනයක් සමරන, ශ්‍රී ලංකා 65 ක්, 65 ක් මාධ්‍ය මල්ලිලාට මුකුත් දුන්නේ නැත්නම් ඒ ගොල්ලෝ අප්සට් යනවා. ඒකයි මං එහෙම කිව්වේ. ම්....ම්....උපන්දිනය සමරන ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය එකතු කර ගන්න යූ.ඇන්.පී. එකේ කට්ටිය අද තමුන්නාන්සේලා දිහා බලාගෙන හිනා වෙනවා.’’ මන්ත්‍රීවරිය එලෙසින් ප්‍රකාශ කළා.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS