ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ප්‍රබල ජනමතයක් සමාජගත කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්‍රකාශ ක...
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ප්‍රබල ජනමතයක් සමාජගත කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 'මතින් නිදහස් රටක්' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වන අදියරේ ප්‍රධාන වැඩසටහනට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ යුධ බියෙන් නිදහස් වූ උතුරේ අද පවතින බරපතලම සමාජ උවදුර මත්ද්‍රව්‍ය බවයි.
මුළු මහත් ජන සමාජයම විනාශ කරමින් රටේ ජනතාව දරිද්‍රතාවයෙන් පීඩාවට පත්කරන මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට කටයුතු කළ යුතු බවට එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මතින් නිදහස් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් රටත් ජාතියත් වෙනුවෙන් වූ වගකීම ඉටු කරන ලෙස ජනාධිපතිවරයා එහිදී ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ යුද බියෙන් නිදහස් වූ උතුරේ වර්තමානයේ ඇති බරපතලම සමාජ උවදුර මත්ද්‍රව්‍ය බවයි.
වීඩියෝව පහතින්.
COMMENTS